Author: Kesara Athipola
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවල දී පාසල ආරක්ෂිත පරිසරයක් බවට සහතික කිරීම තුළින් පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම ආපදා කළමනාකරණ වැඩසටහනේ ප්‍රමුඛ කාර්යයක් බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය. ආපදා කළමනාකරණ සූදානම සම්බන්ධයෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සමඟ අමාත්‍ය වරයා සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර, අවදානම් තක්සේරු කිරීම සඳහා දිස්ත්‍රික් කමිටු යාවත්කාලීන කර සක්‍රීය කරන ලෙස මෙම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත්, හදිසි අවස්ථාවන්ට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා හදිසි සැලසුම් සකස්…
2024 යල කන්නයේ වී වගා කටයුතු කිරීමේ දී ගොවි ජනතාවට ලබා දෙන වගා සහනාධාර වශයෙන් මේ වනවිට රුපියල් බිලියන 2.5ක මුදලක් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව ගොවීන් 213,771ක් සඳහා රුපියල් බිලියන 2.5කට අධික මුදලක් මේ වනවිට ගොවිගිණුම් ගත කර තිබේ. වගා සහනාධාර ලබා දී ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 167,362කි. මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් 450,000ක් පමණ වී වගා කෙරේ යැයි අපේක්ෂා කරන අතර සියලුම වගා කරන කුඹුරු සඳහා ලබා දෙන මුල්‍යමය සහනාධාරය රුපියල් බිලියන 7.5ක් පමණ වනු ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (Port City) තුළ නුදුරේ දී ම විවෘත කිරීමට නියමිත තීරු බදු රහිත (China Duty Free zone) ව්‍යාපාර ඇතුළත් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙය විවෘත කිරීමෙන් අනතුරුව ගුවන්තොටුපොළින් භාණ්ඩ මිල දී නොගන්නා ජනතාවට තමන්ගේ ගමන් බලපත්‍රයට අදාළව භාණ්ඩ මෙහි දී මිල දී ගැනීමට අවස්ථාව හිමි වේ. මෙහි ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා ගිය රාජ්‍ය අමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාව නිරත වී පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කර කඩිනමින් ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ පුත්තලම, මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීමෙන්, හේනේපොල ප්‍රදේශයේ ඇති වී ඇති ජල ගැලීම් තත්වය මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායමක් පසුගියදා ( 26) එම ප්‍රදේශයට අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම මේ වන විට ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරයි පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඔස්සේ ගලා බසින කටුපිටි ඔය පිටාර ගැලීමෙන් හේනේපොල ග්‍රාම නිලධාරී වසම වෙත පිවිසෙන සියලු පිවිසුම් මාර්ග ජලයෙන් යටවී ඇති බවත්, ඒ හේතුවෙන් එම ග්‍රාම නිලධාරී වසමේ පවුල් විසි හතක (27) පුද්ගලයන් අසූ නව (89) දෙනෙකු පීඩාවට…
බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්ය මණ්ඩල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උරුම ශ්‍රවණාගාරයේ දී ඊයේ (27) පැවැත්විණි. බස්නාහිර පළාතේ සිදු කිරීමට නියමිත පුරාවිද්‍යා සැලසුම්, ක්ෂේත්‍ර ගැටලු සහ ගැටලුවලට පිළියම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම ක්ෂේත්‍රයේ රාජකාරී කටයුතු සිදු කිරීමේදී බස්නාහිර පළාත් පුරාවිද්‍යා නිලධාරීන් හට පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු වන කේ.ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, සුජීවා පල්ලියගුරු, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් යන මහත්ම මහත්මීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු, බස්නාහිර පළාත් පුරාවිද්‍යා නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222