Author: Kesara Athipola

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි තව ද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක

තව කියවන්​න

සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) හය දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි සිංගප්පූරුවට සමාන ප්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීම සහ දියුණු තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සහයෝගීතාවය ලබාදීම මෙම සංචාරයේ අරමුණයි. ආගමන විගමන,වීසා නිකුත් කිරීම සහ පුරවැසිභාවය සම්බන්ධ සියලු ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට මෙය බෙහෙවින් දායක වනු ඇත. ගුවන්තොටුපල සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු පද්ධතීන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවේ පවතින…

තව කියවන්​න

77 වන ලෝක සෞඛ්‍ය සභාව (Seventy-Seventh World Health Assembly) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ. මැයි 27 සිට ජූනි 1 දක්වා පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සහභාගි විය. ලෝක සෞඛ්‍ය සභාව සඳහා සහභාගි වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමුළුවේ දී අදහස් දක්වමින් මෙරට ආඝාත රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වන බවත්, ඒ අතරම, මාර්ග අනතුරුවලින් අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ රෝගීන් විශාල ප්‍රමාණයක් ද හමුවන බව පෙන්වා දෙන ලදි. එහිදී පුනරුත්ථාපන අංශය දිගුකාලීනව ඉතා වැදගත් දෙයක් බව ද අමාත්‍යවරයා මෙහිදී…

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ. ඒ ජුනි 12 පැවැත්වීමට නියමිත බදු සංවාදය පිළිබඳවයි. බදු කළමනාකරණය සම්බන්ධ මහජන මතය, ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම පිළිබඳ සිදු කළ සමීක්ෂණයේ සොයාගැනීම් සහ නිර්දේශ දැනගැනීමට අපේක්ෂාවෙන් සිටින පසුබිමක් තුළ වඩා හොඳ ප්‍රතිඵල සඳහා වාර්තාව ප්‍රකාශයට පත් කිරීම වැදගත් වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සවිබල ගන්වමින් ඔවුන්ගේ ව්‍යවසායන් සවිමත් කිරීමට ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය එල්කේ ඩොමේන් රෙජිස්ට්‍රි LK Domain Registry ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. මෙම ගිවිසුමට ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා හා Lk Domain Registry ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පසුගියදා ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ දී අත්සන් කරනු ලැබීය. මෙම ගිවිසුම මඟින් උපායමාර්ගික හවුල්කාරිත්වය ඔස්සේ.ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සවිබල ගැන්වීමට පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

තව කියවන්​න