Author: Kesara Athipola
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ හා අද (30) අලුයම රත්නපුර දිස්ත්‍රික්කයට විශේෂයෙන් කළු ගඟ ආශ්‍රිත සමනල අඩවිය ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැලුණු සහ මේ වන විටත් කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුරට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතී. අද පෙරවරු 9.10 වන විට, රත්නපුර නගර ආසන්නයේ කළු ගගේ මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව කළු ගඟේ ජල මට්ටම මීටර් 06.45 ක් වේ. ඒ අනුව එය සුළු ගංවතුර තත්ත්වයක් ලෙස සලකන මීටර් 7.5 ට ආසන්න මට්ටමකි. මේ වන විටත් කඩින් කඩ, ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව ලැබෙමින් පවතින බැවින් කළු ගඟේ සහ එහි අතු ගංගාවල ජල මට්ටම තව දුරටත් ඉහළ යාමේ අවධානමක් පවතී.…
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉරාක ජනරජයේ තානාපති කාර්යාල ප්‍රධානී එච්.ඊ. මොහොමඩ් ඔබයිඩ් ජබුර් සහීර් අල්-මසූදි මහතා ( H.E Mohammed Obaid Jabur Zahir Al- Masoudi ) ඊයේ 29වනදා වෙළෙඳ අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය. එහිදී ඉරාක – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා කොමිසමේ නව 09වන සැසිය මේ වසරේ නොවැම්බර් මස කොළඹදී පැවැත්වීමට සාකච්ඡා කරන ලදී. කෙටි කාලයක් තුළ ආර්ථික ස්ථාවරත්වය කරා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය තානාපති කාර්යාල ප්‍රධානියාගේ පැසසුමට ලක් වූ අතර දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වෙනුවෙන් සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවද සඳහන් කරන ලදී.
ඊයේ ලෝක වෙළඳපළේ බොරතෙල් මිල සුළු පහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.44ක් ලෙස සහ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.12ක් ලෙස සටහන් වුණා.
වසරේ ගත වූ කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රන් ආනයන කළ බවට ආයතන පහක් හඳුනාගෙන ඇති බවත්, එම ආයතන වෙත රුපියල් මිලියන 1243ක දඩ මුදල් නියම කළ ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අදාළ ආයතන අතරින් එක් ආයතනයකට රුපියල් මිලියන 179ක ගෙවීමට නියම වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි. මින් ඉදිරියට රන්භාණ්ඩ ආනයන සිදුකරන බලපත්‍රලාභී සියලු ආයතන මෙම නීති විරෝධී ක්‍රියාවන් වෙතින් මිදිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා අදාළ ආයතන සෘජුව ආනයනය නොකර තුන් වැනි පාර්ශ්ව මගින් මිලදී ගන්නා රන් සඳහා ද නිෂ්පාදන වාර්තා සලකා බලා දඩ මුදල අය කරගන්නා බව අවධාරණය කළේය. රාජ්‍ය ආදායම අහිමි…
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බවත්, ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට හැකි වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222