Author: Kesara Athipola

ලොව පුරා රටවල් දොළහකට වැඩි සංඛ්‍යාවක සත්කාරක ගැනුම්කරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සහ මාධ්‍ය නියෝජිතයින් 15 දෙනෙකු සමඟ, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය විසින් සංවිධාන කළ SOUTHERN MICE Expo හි සමාරම්භක සංස්කරණය දකුණු ශ්‍රී ලංකාවේ බෙන්තොට දී ආරම්භ විය. ඒ සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉන්දියාව, රුසියාව, චීනය, එක්සත් රාජධානිය, පකිස්ථානය, බංග්ලාදේශය, සිංගප්පූරුව, මැලේසියාව, ජර්මනිය සහ තුර්කිය ඇතුළු ලොව පුරා රටවල් රැසක නියෝජිතයින් ඊට එක්විය. දීර්ඝ කාලපරිච්ඡේදයක දුෂ්කරතා මැද වුව ද ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය ශීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර එය පෙර නොවූ විරූ තරමේ ප්‍රගතියක් අත්කරගෙන තිබේ. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ සියලු…

තව කියවන්​න

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සහ රුසියානු තානාපති ලෙවන් එස්. ෂගරියන් යන මහත්වරුන් අතර රුසියානු – යුක්රේන ගැටුමට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණපා ඇති හදිසි තත්ත්වය පිළිබඳ පසු විපරම් සාකච්ඡාවක් පසුගියදා (29) පැවැත්විණි. මෙම හමුව, 2024 මැයි 07 අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයා සමඟ මීට පෙර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස සිදු විය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රුසියානු සමූහාණ්ඩුවේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුව වෙත පිටත් කරවාහැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති තීරණය විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයාට මෙහි දී දන්වා සිටියේය. ශ්‍රී ලංකා දූත පිරිස සඳහා අදාළ රැස්වීම් සූදානම්…

තව කියවන්​න

ජුනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව ජාතික පරිසර සතිය මැයි 30 සිට ජුනි මස 05 දක්වා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඊයේ (30) දිනය නම් කර තිබුණේ තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙසයි. භූ විද්‍යා හා පතල් සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සම්බන්ධීකරණයෙන් මෙහි ප්‍රධාන වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගෙන පැවැත්වේ. මෙහිදී හානියට පත් භූමි පුනරුත්ථාපනය, පාංශු සංරක්ෂණය හා තිරසර ඉඩම් කළමනාකරණය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කිරීමට නියමිතය. කෘෂිකාර්මික ඉඩම් දීර්ඝකාලීනව භාවිත කළ හැකි පරිදි යෙදවීම සම්බන්ධයෙන් ගොවීන් හා වැවිලිකරුවන් දැනුවත් කිරීම් ද සිදු කෙරේ ‘’ඵලදායි භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක්’ යන ජාතික තේමාව…

තව කියවන්​න

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ පහත ක්‍රීඩාවන් සඳහා වන ජාතික ක්‍රීඩා සංගම් සම්මේලනයන්හි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 01. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය 02. ශ්‍රී ලංකා රග්බි සම්මේලනය 03. ශ්‍රී ලංකා මෝටර්රථ සම්මේලනය 04. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය

තව කියවන්​න