Author: Kesara Athipola
ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය(RAMIS) මගින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට පත්කළ කැබිනට් අනු කමිටුව සහ එම පද්ධතියේ සම්පාදකවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (30) පැවැත්විණ. කමිටු සාමාජිකයන් මෙහි දී, පද්ධතියේ යටිතල පහසුකම් ව්‍යුහය, පද්ධතිය යාවත්කාලීන කිරීම, අනාගතය සදහා අවශ්‍ය පද්ධතිය ධාරිතාව සහ පද්ධතිය කාර්යක්ෂම කිරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු විමසීමක් සිදුකරනු ලැබීය.
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම්වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණක් බව ද ඒ මහතා සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ගල්කිරියාගම ජාතික නාමල් උයනේ නිර්මාතෘ අතිපූජ්‍ය වනවාසල රාහුල නායක හිමිපාණන් වහන්සේගේ විශේෂ ඉල්ලීමකට අනුව සිදු කෙරෙන මඩාටුගම-ආඩියාගල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකාව සතු සුවිශේෂීම පරිසර පද්ධතියක් වන ජාතික නාමල් උයන සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් පූජ්‍ය වනවාසී රාහුල නායක ස්වාමීන් වහන්සේ විසින් මේ වන විට දශක ගණනාවක් තිස්සේ සුවිශේෂී ජාතික ආගමික හා සමාජයීය සේවාවන් රැසක් සිදු කරමින් පවතී. ඒ අනුව මේ වන විට ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබෙන ප්‍රදේශයේ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස නායක ස්වාමීන් වහන්සේ විසින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සිදුකරන ලද ඉල්ලීමකට…
වගකීමක් නැති ප්‍රකාශවලින් රට කලඹන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා (29) එක්වෙමිනි.
පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගියදා (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත. මේ අනුව ජූනි 4 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජූනි 4 අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ජූනි 5 ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 6
බිංගිරිය ආයෝජන කලාපය කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (29) පැවැත්විණ. මේ වන විට ගැටලු සහගතව පවතින ඉඩම් වෙන් කර ගැනීම්, විදුලිය, ජලය සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබාදීමට මෙහි දී පියවර ගෙන ඇත. මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ඇතුළු ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම මෙම ව්‍යාපෘතියට අදාළ අනෙකුත් රේඛිය අමාත්‍යංශවල සහ ආයතන වල නිලධාරීන් කැඳවා තිබිණ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222