Author: Kesara Athipola
විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් ඉගෙනුම ලබන පාසල් සඳහා ස්මාර්ට් බෝඩ් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ තණමල්විල කහකුරුල්ලන් පැලැස්ස විද්‍යාලයට ස්මාර්ට් බෝඩ් ප්‍රදානය කිරීම විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවා ව්‍යාපෘතියට සමඟාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. විදේශ විනිමයෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කරන විගමනික ශ්‍රමිකයන්ට උපහාර පිණිස ඔවුන්ගේ දූ දරුවන්ට ඩිජිටල් ලෝකයට ගැලපෙන ලෙස අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා ස්මාර්ට් පන්ති කාමරය අත්දැකිමත් ලබා දීම මෙමගින් අපේක්ෂා කෙරේ.
එළඹෙන ජුනි මස පස් වෙනි දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් පළාත් හතරක පිහිට වූ මධ්‍යස්ථාන 97 කදී ජුනි මස 03 සහ 04 යන දෙදින විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත. ඒ අනුව, එම දින දෙකෙහි දී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ ඇති විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එම මධ්‍යස්ථාන වෙත ගෙනැවිත් නොමිලේ භාර දිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර පළාත තුළ මධ්‍යස්ථාන 28ක් ද දකුණු පළාත තුළ මධ්‍යස්ථාන 39ක් ද නැගෙනහිර පළාත තුළ මධ්‍යස්ථාන 14ක් ද ඌව පළාත තුළ මධ්‍යස්ථාන 16ක් ද…
මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදු වීමට නියමිතයි. කෙසේවෙතත් ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම හේතුවෙන්, ඉන්ධන මිල පහළ යනු ඇති බවටයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222