Author: Kesara Athipola
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට ක්‍රියාත්මක කරන Park & Ride සේවාව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාදුක්‌ක දුම්රිය ස්ථානයේ දී ආරම්භ විය. දෛනිකව රාජකාරිය අවශ්‍යතාවයන් සහ ගමනාගමන පහසුකම් වෙනුවෙන් දුම්රිය භාවිත කරන මගින්ට තම පුද්ගලික රථවාහන ආරක්ෂිතව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ගාල්කර තබා දුම්රිය මඟින් ගමනාගමන පහසුකම් සලසා ගැනීමෙ පහසුකම මේ යටතේ හිමි වේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පය සහ උපදෙස් පරිදි ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ පෞද්ගලික රථ ගාල්වල අයකරන ගාස්තුවට වඩා සහනදායී ගාස්තුවක් යටතේ මෙම Park & Ride රථ ගාල්වල ආරක්ෂිතව තම රථ ගාල් කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවීම සුවිශේෂී පහසුවක් වනු…
වැඩි කළ දීමනාවට අදාළ මුදල් මේ වන විටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙනවා – සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය. අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. 2024 මැයි මස මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 1518කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කර තිබේ. තාක්ෂණික ගැටලු හේතුවෙන් එම ගෙවීම් ප්‍රමාද වූ නමුත් මෙම ජුනි මස දෙවන සතියෙන් පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.…
ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් වසර 05ක් තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ප්‍රවර්ධනය කිරීම අරමුණ බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධිය මෙරටට හඳුන්වාදීම පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් සමඟ පසුගියදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් අප ආනයන මත යැපෙන…
රුපියල් මිලියන 250 ක මුදලක් වැය කර කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ඊයේ (31) ජනතා අයිතියට පත් කෙරිණි. ඒ සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ සබරගමුව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ සහ නීරෝගී සම්පන්න ජනතාවක් බිහි කිරීමේ අරමුණින් මෙම නව දෙමහල් ගොඩනැගිල්ල ඉදි කෙරිණි.
නිසි ලෙස තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. රජයට අයත් තේ වතු කළමනාකරණය පුද්ගලික අංශයේ වැවිලි සමාගම්වලට බදු පදනම යටතේ පවරා දී තිබේ. නමුත් බොහෝ වැවිලි සමාගම් තමන් විසින් බාර ගත් තේ වතු නිසි පරිදි නඩත්තු නොකරන බව පෙනී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට පෙනී ගොස් ඇත.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222