Author: Kesara Athipola

හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා. තිස්ස කරලියද්ද මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදවච්චිය හිටපු ආසන සංවිධායක වරයාද වනවා. සමගි ජන බලවේගය හා එක්වූ ඔහුව මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

මේ වසරේ මැයි 30 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 893,916ක සංඛ්‍යාවක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධීකාරිය පවසනවා. ඒ අනුව මැයි මාසයේ පමණක් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 18,665ක් වන අතර එය මේ වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 2කට අඩුවෙන් සංචාරකයින් පැමිණීම වාර්තා වූ දෙවන මාසය වනවා. අප්‍රේල් මාසයේ මෙරටට පැමිණී සංචාරකයින් සංඛ්‍යාව 148,867ක් බව සඳහන්.

තව කියවන්​න

වවුනියාව දිස්ත්‍රික්කය තුළ ලාඳුරු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වවුනියාව මහ රෝහලේ බෝවන රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරිනී සුජානි පවසනවා. ඒ අනුව ගත වූ මාස පහ ඇතුළත දී වවුනියාවෙන් ලාඳුරු රෝගීන් 126ක් හමු වි තිබෙනවා. එම රෝගීන්ගෙන් 69 දෙනෙකු හමු වී ඇත්තේ වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයෙන් බැවින් සෙට්ටිකුලම රෝහල තුළ ලාඳුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස වෙනම හා විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා.

තව කියවන්​න

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක වූ මදුරු මර්දන සතියට අමතරව තවදුරටත් ඉදිරියට සතියක, දෙකක කාලයක් එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු සහ ධූමායන කටයුතු සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි. සෞඛ්‍ය ලේකම්වරයා මේබව අවධාරණය කරන ලද්දේ ජාතික මදුරු මර්දන සතියේ අවසන් දිනය වූ පසුගිය 01 දා පස්වරුවේ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආපදා කළමණාකරණ ඒකකයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින්ය. නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් සිදුවිය හැකි බැවින් මැයි මස 26 දින සිට ජුනි මස 01 දින දක්වා කාලය ජාතික මදුරු මර්දන සතියක් ලෙස ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත…

තව කියවන්​න