Author: Kesara Athipola
පවතින අයහපත් කාලගුණක තත්ත්වය මත දිස්ත්‍රික් කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද වසා තැබීමටයි කටයුතු කර ඇත්තේ. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් අද වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. මීට අමතරව ගම්පහ, කැළණිය අධ්‍යාපන කලාපවල සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත් ඉහත සඳහන් නොවන දිස්ත්‍රික්ක වල හෝ කලාප වල පාසල්…
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 07 වැනිදා දක්වා දින 04ක් රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පාර්ලිමේන්තු පෙරවරු 09.30ට රැස් වීමට නියමිතයි. පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වෙන් කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහායි. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද නව විදුලිබල පනත පිළිබඳ තීරණය කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබෙනවා. අදාළ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රහස් ලියවිල්ලක් ලෙස පසුගියදා කථානායකවරයාට යොමු කිරීමටයි…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.07ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.67ක් ලෙස ඉහළ ගොස් තිබේ. ඊයේ (31) දින ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 296.97ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 306.58 ක් ලෙසයි.
පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැත්වුණා. ඒ සඳහා එක් වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බවයි. රත්නපුර ප්‍රදේශයෙන් මරණ 05කුත්, මාතර ප්‍රදේශයෙන් මරණ 04කුත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් මරණ 03 මේ වනවිට වාර්තා වී ඇති බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම පුද්ගල අතුරුදන් වීම් 05ක් වාර්තා වන බවත් ඔහු සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222