Author: Kesara Athipola
එළඹෙන ජූනි මස 05 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදුන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. ජනතාව දුෂ්කරතාවට මුහුණ දී සිටින මේ අවස්ථාවේ ඇතැමුන් විවේචනයට පමණක් සීමාවෙමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ ගන්නා බව පෙන්වා දුන් ඒ මහතා මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලු දෙනා එක්ව විපතට පත් ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීම බව ද සඳහන් කළේය. පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා…
ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගත කළ බවට වාර්තා වනවා. ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම ආරවුල සිදු වූ බව සඳහන්. එහිදී මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා. පසුව රැස්වීම අවසානයේ මහින්දානන්ද මන්ත්‍රීවරයා විසින් ගුණතිලක මන්ත්‍රිවරයාව තල්ලු කිරීමකට ලක් කර ඇති අතර, එහිදී ගුණතිලක මන්ත්‍රීවරයා ඇද වැටී තුවාල ලබා ඇති බව සඳහන්. අනතුරු මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බවටයි වැඩිදුටත් වාර්තා වුණේ. මේ අතර බහින්බස් වීමක් සිදු…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහත දමා තිබෙනවා. මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් පහත දමා තිබෙනවා. එහිදි මෙම ගෑස් සිලින්ඩරයේ මිල සටහන් වන්නේ 3790 ක් ලෙසයි. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 60 කින් පහත දමා ඇති අතර කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 28 කින් අද මධ්‍යම රාත්‍රීයේ සිට පහත යනු ඇතැයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සදහන් කර සිටියා.
ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ඡන්ද ප්‍රතිපල නිකුත් කිරීම අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඡන්ද ගණන් කිරීම අද පෙරවරු 08.30ට ආරම්භ කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අදියර 7 ක් යටතේ, දින 44 ක් පුරා මහ මැතිවරණයේ ඡන්ද විමසීම සිදු කරනු ලැබුවා. මෙහිදී ලොක් සභාවේ ආසන 543 සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට නියමිතයි. පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක් හිමිවනු ඇති බවට මත පලව තිබෙනවා.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිව්වන තරඟයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 06ක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු වුණා. කාසියේ වාසිය දිනා තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 77ක් පමණයි. මෙය විස්සයි 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් සහා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16ක් රැස් කළා. මෙහිදී පිතිකරුවන් 08 දෙනෙකුට ලකුණු 10 සීමාව හෝ පසුකර යෑමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.…
ගාසා තීරයේ යුද්ධය ආරම්භ කළ පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගිය පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඛාව් යුනිස් ප්‍රදේශයේදී හමාස් සංවිධානය විසින් මෙම පුද්ගලයන් සිව් දෙනා ඝාතනය කර ඇති බවට ඊශ්‍රායල හමුදාව විසින් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ජීවිතක්ෂයට පත් වූ සිවුදෙනාගේ සිරුරු තවමත් හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222