Author: Kesara Athipola
ඉතා දරුණු ලෙස උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් දින තුනක් ඇතුළත ඉන්දියාවේ පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එයින් මරණ 33ක්ම වාර්තා වන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් බව ද සඳහන්. මෙලෙස අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් අතර පසුගියදා නිමාවට පත්වූ මහමැතිවරණයේ රාජකාරියේ නිරතව සිටි මැතිවරණ සම්බන්ධ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද සිටින බව වාර්තා වනවා.
සික් ජාතිකයන් සඳහා ඉන්දියාවේ වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටින කලිස්තාන් කණ්ඩායමට සහාය වන ප්‍රචාරක වැඩකටයුතු සිදු කළ ‘මුහුණු පොතේ‘ ගිණුම් ඉවත් කිරීමට එහි හිමිකාර මාක් සකර්බර්ගේ මෙටා සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. චීනයේ සිට මුහුණු පොත තුළින් ක්‍රියාත්මක කළ බව කියන එවැනි කලිස්තාන ප්‍රචාරක ගිණුම් 37ක්, පිටු 13ක්, සමූහයන් 5ක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් ඉවත් කර ඇති අතර, එම ගිණුම් මෙටා සමාගමේ ප්‍රතිපත්ති උල්ලංඝනය කළ බව තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
මේ වන විට කොළඹ සහ තවත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා. ඒ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට දිවෙන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගංවතුර හේතුවෙන් ගැල වී යෑමෙන් බවයි වාර්තා වන්නේ. ඇතැම් ප්‍රදේශ වලට නල මාර්ග ඔස්සේ අපිරිසිදු ජලය ලැබෙන බවත් ජනතාව චෝදනා කළා. ජල සම්පදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙනු ඇති බවයි.
විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල මණ්ඩලයේ අය ක්‍රමය සකස් කරන අංශය සමඟ ඊයේ (03) පැවැත්විණ. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. සෑම වසරකම කාර්තුවකට වරක්, වියදම් නිරූපණය වන පරිදි විදුලි අය ක්‍රමවේදය සංශෝධනය කිරීමට පසුගිය වසරේ දී රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එලැඹිණ. ඒ අනුව ජූලි මස සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අයක්‍රමය සම්බන්ධ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත මෙම සතියේ දී ඉදිරිපත් කෙරේ.
ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවායේ ප්‍රගතිය ඇගැයීමට ලක් කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ආර්ථික ස්ථාවරත්වය ගොඩනංවා ගැනීම සඳහා තුන් වැනි වාරිකය ලබා දීම පිළිබඳ මෙහි දී සලකා බැලෙන අතර ඊට සියලුම රටවල අඛණ්ඩ සහය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 23,000ක් පමණ වේ. නමුත් පසුගිය වසරේ දී මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ. 2019 න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළම අස්වැන්න 2023 වර්ෂයේ වාර්තා කිරීමට හැකි වී ඇත්තේ ගම්මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබා දීම මෙන්ම පසුගිය වර්ෂයේ පැවැති වියළි කාලගුණික තත්ත්වයෙන් පසුව ඇති වූ දීර්ඝ වැසි සහිත කාලගුණික තත්ත්වය බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ ආධාර යටතේ වලස්මුල්ල…
023/2024 විශ්වවිද්‍යාල ප්‍රවේශ ශිෂ්‍ය අත්පොත online ක්‍රමයට පමණක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය www.ugc.ac.lk ට පිවිසීමෙන් බාගත කර ගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේය. බාගත කිරීමේදී සිසුන්ගේ ජාතික හැදුනුම්පත් අංකය ඉදිරිපත් කළ යුතු අතර රුපියල් 1000.00 ක මුදලක් බැංකුවකට ගෙවීමෙන් අනතුරුව භාෂා ත්‍රිත්වයෙන්ම මෙම අත්පොත ලබා ගැනීමේ හැකියාව ඇත. මෙලෙස බාගත කර ගැනීමේදී යම් ගැටලුවක් මතුවුව හොත් 0112695301/ 0112695302 යන දුරකතන අංක ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ගේ ඩිජිටල් අයදුම්පත්‍ර යොමු කිරීම සඳහා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222