- ගම්පහ සුසාන භූමියකින් ටී 56 ගිනි අවියක් සොයා ගැනේ
- උස්වැටකෙයියාව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
Author: Kesara Athipola
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස් වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 09.30 සිට පෙරවරු 10 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සදහා කාලය වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 විපක්ෂය විසින් ගෙනෙනු ලබන අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරඟය අද පැවැත්වෙනවා. අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරඟය අද මෙරට වේලාවෙන් පස්වරු 08ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟය සඳහා විශේෂ ආරක්ෂාවක් යෙවීමට කටයුතු කර තිබෙනවා.
මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුගේ කාමරය තුල තිබූ රුපියල් ලක්ෂ 94ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයේදී මෙම සැකකරු වාද්දුව මලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි වියේ පසුවන මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
බෲනායි දේශ පාපන්දු කණ්ඩායම සහ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අතර සුහද පාපන්දු තරග දෙකක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එළඹෙන ජුනි 08 සහ 11 යන දෙදින තුළ දී මෙම තරග ද්විත්වය පැවැත්වීමට නියමිත අතර, අදාළ තරග බෲනායි දේශයේ සත්කාරකත්වයෙනුයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. එම තරග ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 5.45ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කෝපා කාරක සභාවට හමුවට අද දුම්රිය දෙපාර්තමේන්තුව කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ. කෝප් කාරක සභාව සඳහා අද ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය කැඳවා තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222