Author: Kesara Athipola

ඉන්දීය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඓතිහාසික ජයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය ප්‍රමුක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෝක් සභාවේ ආසන 292ක් හිමි කර ගැනීමට සමත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම මැතිවරණයේදී විපක්ෂය නියෝජනය කළ කොංග්‍රසය ප්‍රමුඛ අයි.එන්.ඩී.අයි.ඒ සන්ධානයට ආසන 232ක් හිමිව තිබෙනවා. ඒ අනුව අඛන්ඩය තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමටයි නරේන්ද්‍ර මෝදී සමත් වුණේ. මේ අතර අග්‍රාමාත්‍ය මෝදීගේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එක්ස් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය පිළිබඳව එරට ජනතාව…

තව කියවන්​න

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඊයේ දිනයේ සිට අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. මීට අමතරව ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ද මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර පලාත තුළ ගංවතුර බැසගොස් ඇති ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ එම ප්‍රදේශවල පාසල් ආරම්භ කෙරෙන බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දීමටද ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා. මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේදී වසා තබනු ලබන පාසල් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව, රත්නපුර අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් වසා තැබීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම, නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත, අයගම සහ කලවාන කොට්ඨාසවලට අයත් පාසල්ද අද දිනය තුළ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහ කළා.

තව කියවන්​න

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 26ක් වාර්තා වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. එමෙන්ම තවත් පුද්ගලයන් 41 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ අතර අද දිනයේත් පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. මේ අතර ගංගා ද්‍රෝනි වල අවධානම් තත්ත්වට පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළා. මේ අතර මේ අතර ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇගවීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත…

තව කියවන්​න

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහිදී දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

තව කියවන්​න

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ඊයේ පැවැත්වුණු සාකච්ඡාව අසාර්ථක වූ බව ලංකා ගුරු සංගමය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සඳහන් කළේ. ඒ අනුව ලබන 12 වැනිදා සහ 26 වැනිදා සිය අයිතීන් ලබා ගැනීම වෙනුවෙන් වර්ජනයක නිරත වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න