Author: Kesara Athipola

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව යන පලාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ළමයින්ට සිදුවන හිංසන පිළිබඳ 109 ක්ෂණික දුරකතන අංකය දැනුම් දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහජනතාවට දැනුම් දෙනවා. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ. මේ අතර වැලිඔය ප්‍රදේශයේදී ළමයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට තමා ලබා දුන් නියෝගයට අනුව පැය 24ක් යාමට පෙර කඩිනම් ප්‍රතිචාර දැක්වූ පොලීසියට සහ විශේෂ කාර්ය බලකායට ප්‍රශංසා කරන බවද එහි සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝව හා සම්බන්ධ එම දරුවාගේ පියාව සහ කාන්තාවන් දෙදෙනෙකු වැලිඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම වැලිඔය පොලිසිය විසින්, මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. එහිදී ඔවුන් සමග සිටි මෙම සිදුවීමට සම්බන්ධ සිව් හැවිරිදි දරුවාද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි අයෙක් වන අතර, ඔහු සමග සිටිමින් අත්අඩංගුවට පත්වූ සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 37 හා 46 වියෙහි පසුවන බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්න්ධයෙන් වැලිඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු…

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟ දෙකෙන් එක් තරඟයන් වර්ශාව හේතුවෙන් අතහැර දැමුණු අතර, අනික් තරඟය නෙදර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. පළමුවෙන් පැවති ස්කොට්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟයයි වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට කටයුතු කරනු ලැබුවේ. මෙලෙස වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 90ක් ලබා සිටියා. මේ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් නේපාල කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 06ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 106ක් රැස් කළා.…

තව කියවන්​න