- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: Kesara Athipola
රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් අද දිනය තුළ ද නොපැවැත්වෙන බව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එමෙන්ම කුරුවිට සහ ඇහැලියගොඩ කොට්ඨාසයේ මෙන්ම නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත , අයගම කොට්ඨාසවල පාසල් ද අද දිනයේ වසා තැබෙනු ඇති. මේ අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් අද දිනයේ යළි විවෘතව තැබෙන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා. කෙසේවෙතත් ගංවතුර බලපෑම් එල්ල වී ඇති පාසල් සහ අවතැන් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් ඊයේ (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ. නවසීලන්තය, සයිප්‍රස් ජනරජය, මාලදිවයින, සියෙරා ලියොන් ජනරජය සහ මොරිෂස් ජනරජය සඳහා නව මහකොමසාරිස්වරුන් ද ගෝතමාලා ජනරජය, ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එස්තෝනියා ජනරජය, ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොලොම්බියා ජනරජය, තුර්කි ජනරජය, අයර්ලන්තය, හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ බල්ගේරියානු ජනරජය සඳහා නව තානාපතිවරුන් ද මෙලෙස පත්ව සිටී. මෙම නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි. අද දින අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය…
ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතරතුර 2040 වන විට ශූද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ගෝලිය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති ජාත්‍යන්තර පරිසර දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. දේශගුණ විපර්යාසවලට මුහුණ දීමේදී අඩු ආදායම්ලාභී රටවලට සහන ලබා ගැනීම වෙනුවෙන් ලොව දියුණු රටවලට බලපෑම් කළ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සදහා අද උසස් පෙළ නව පංති ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ එහි සමාරම්භක උත්සවය කොළඹ නාලන්දා විද්‍යාලයේදී පැවැත්වෙන බවයි. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් මාස කිහිපයක් ගත කිරීමට සිදුවීම හමුවේ උසස් පෙළ පංති කඩිනමින් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිගමනය කළ සංශෝධන සහිත යෝජිත නව විදුලිබල පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුමත කළ බවයි. ඒ අනුව අදාළ පනත අද පාර්ලිමේන්තුවේ විවාදයට සහ අනුමැතිය සදහා ඉදිරිපත් කෙරෙන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ. අදාළ පනතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නොවන බවත් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණා. මේ අතර යෝජිත නව විදුලිබල පනතට එරෙහිව සර්වජන බලය එකමුතුව ඊයේ පාර්ලිමේන්තුව…
දිවුලපිටිය නගරයේදී රුපියල් ලක්ෂ 60ට විකිණීම සඳහා ගජමුතුවක් සිය සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී වැටලීම කළ නිළධාරීන් භාරයට ගත් ගජමුතුව ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 60ක් බරකින් යුක්ත බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි තලාකොළ වැව, කිරලෝගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඉදිරි මාසයක කාලය තුලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 12,800 දෙනෙකු පුනුරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. වර්තමානයේ ලක්ෂ 05ට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවයි පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනුරුත්ථාපනය කිරීම සඳහා රජයේ ආයතන 05ක් සමග ස්ථාන 30ක් තිබෙන බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222