Author: Dhanushka

එන්ජින් ධාරිතාව 450 සීසී කාණ්ඩයට වැඩි යතුරු පැදි නීති විරෝධී ලෙස මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ එලෙස යතුරුපැදි ගෙන්වීමේදී රජයට අය විය යුතු බදු මුදල දඩයක් ලෙස අය කර ගැනීමටද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි.

තව කියවන්​න

වසරකට මෙරට කාන්තාවන් 1095ක් පමණ පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්වන බවත් වසරකට මෙරට කාන්තාවන් 5475 දෙනෙකු පියයුරු පිළිකාවට ගොදුරු වන බවත් වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පවසනවා. ලෝක කාන්තා දිනය වෙනුවෙන් මහනුවර පැවති උත්සවයකට සහභාගී වූ ඉන්දිරා ජයසූරිය පිළිකාභාරයේ සභාපතිනි වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය මෙම අදහස් දැක්වීම සිදු කළා.

තව කියවන්​න

බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. 2017 වසරේදී ලියාපදිංචි කර ඇති එම වෛද්‍ය මධ්‍යස්ථානය මීට පෙර පවත්වාගෙන ගිය වෛද්‍යවරයා පසුගිය ජූලි මාසයේ විදෙස්ගතව ඇති අතර අනතුරුව එම මධයස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ එම වෛද්‍යවරයාගේ පියා විසින් බව සදහන්. අත්අඩංගුවට ගත් සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නිවසක හදිසී ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඇති වන අවස්ථාවේ දී නිවසේ එක් අයෙකු රැඳී සිට ඇති අතර ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ගින්න හේතුවෙන් නිවසේ තිබූ භාණ්ඩ විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව සදහන්.

තව කියවන්​න

ශ්‍රීපාද විශේෂ රාජකාරියේ යෙදෙන නල්ලතනනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ හා තමන්ගේ නම සඳහන් කරමින් ජංගම දුරකතන හරහා නල්ලතන්නිය නඟරයේ සංචාරක නිවාඩු නිකේතන හිමියන් ඇතුළු ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ඉල්ලා සිටින සිද්ධියක් සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇති බව නල්ලතන්නිය කොට්ඨාශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත ගෝදාපතිරණ මහතා පවසනවා. කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් තමන් ඇතුළුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින් සැළසුම් සහගතව මෙම ක්‍රියාව සිදු කරන බවට කරුණු අනාවරණය වෙමින් පවතින බව හේමන්ත ගෝදාපතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

පුද්ගලික බස් රථයක රියදුරකුට ඇති වූ හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙම බස් රථයේ පුද්ගලික අඟලුම් හලක සේවකයින් පිරිසක් රැගෙන යමින් සිටි අවස්ථාව්දියි මෙම අනතුර සිදුව ඇත්තේ. මෙම අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මැදවච්චිය පොලිස් රථවාහන අංශය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

තව කියවන්​න

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මාර්තු 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පැමිණිලිකරුට තර්ජනය කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාව හේතුවෙන් වින්දිතයන් සුරැකීමේ පනතේ විධිවිදාන අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ. එමෙන්ම අදාළ චෝදනා සම්බනධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවීමට ද පසුගියදා පියවර ගත්තා.

තව කියවන්​න

ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ අදාළ පුද්ගලයින්ගෙන් ළමුන්ට පවතින අවදානම පිළිබඳව සලකා බලා මෙම පියවර ගෙන ඇති බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උදය කුමාර අමරසිංහ මහතා මේ බව සඳහන් කළේ.

තව කියවන්​න

ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස නව ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් කිහිප දෙනෙකු ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස් විස්සයි විස්ස පන්දු පිතිකරු ලැයිස්තුවේ පියවර 4කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු එම ලැයිස්තුවේ 30 වන ස්ථානයේ රැදී සිටිනවා. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක චරිත් අසලංක ද නව පන්දුවාර 20 පිතිකරුවන් වර්ගීකරණයේ පියවර 7කින් ඉදිරියට පැමිණ තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව චරිත්ට හිමිව ඇත්තේ 33 වන ස්ථානයයි. මේ අතර ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රිඩකයින් වර්ගීකරණයේ පියවර තුනක් ඉදිරියට පැමිණිමට දසුන් ශානක සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු නවතම පන්දුවාර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රිඩකයින් වර්ගීකරණයේ 20 වන ස්ථානයේ…

තව කියවන්​න

ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක බව විදෙස් මාධ්‍ය පවසනවා. ඊජිප්තුවේ මැදිහත්වීමෙන් දින 3 ක් පුරා පැවති සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොර වූ බවයි වාර්තා වන්නේ. ලබන සිකුරාදා දිනයේදී රාමදාන් උත්සව සමය ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර දෙපාර්ශවය අතර එකඟතාවයකට එළඹිය යුතු බව ද සදහන්. අමෙරිකාවේ කටාර් රාජ්‍යයේ හා ඊජිප්තුවේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා හරහා සති 6 ක සටන් විරාමයක් ආරම්භ කිරීමටයි ඔවුන් මෙම සාකච්ඡා මගින් උත්සහ දරුණු ලැබුවේ.

තව කියවන්​න