- ජනපති අනුරගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට විශේෂ ස්තුතියක්
- කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවයි
- එළඹෙන වසරේ සිදුකිරීමට නියමිත විගණන 3000 ඉක්මවයි
- ආපදා සහන සලසන බවට පවසන ජාවාරම්කරුවන්ට රැවටෙන්න එපා
- රට ගොඩනැගීමේ අරමුදලට තවත් මිලියන 100ක පරිත්‍යාගයක්
- දෙසැම්බර් මුල් සතියේ මෙරටට සංචාරකයින් 43,000ක්
- පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
- ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කෙරේ
Author: Dhanushka
අනාගතයේ දී පාසල් අධ්‍යාපනයෙන් පසු දරුවන්ව නව ආර්ථික ප්රවණතාවන්ට අනුගත වීමට සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්යන්ත් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති “ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ 2023” ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්. අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් ශ්‍රී ලංකා පරිගණක සංගමය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය හා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනාංශය එක්ව මෙම ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා. ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පමණක් නොව කර්මාන්ත සංවර්ධන ක්ෂේත්රයන්හි නිරතවීම සඳහා දරුවන්ට පුළුල් ඉඩප්රස්ථා සලසා දීමට අපේක්ෂා කරන බවත්…
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද පැවැත්වුණා. මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටාරෝ මහතා සහ දෙවැනි ලේකම් ඉමායි කඔරි මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්ව සිටියා. මෙහිදි ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබද සාකච්ඡාවට බඳුන් වූ අතර එළඹෙන ජනාධිපතිවරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය පිළිබදවද මෙහිදී පැහැදිලි කළ බව සදහන්. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට ජපානයේ ඇති සූදානම පිළිබදවද අවධාරණය කළ බව ජාතික ජන බලවේගය වැඩිදුරටත් සඳහන් කළා.
වසර 71 කට පසු දුර්ලබ හා දැවැන්ත වල්ගා තරුවක් පෘතුවිය හරහා ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා. “යක්ෂ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම වල්ගා තරුව අප්‍රේල් මස 8 වන දා සිදුවන පූර්ණ සූර්යග්‍රහණයේදී දැකගත හැකි බවයි නාසා ආයතනය සදහන් කළේ. අදාළ වල්ගා තරුවේ පිහිටීම සහ එහි වරින් වර සිදුවන පිපිරීම් හේතුවෙන් යක්ෂ වල්ගා තරුව ලෙස එය හැඳින්වෙන බවද සදහන්.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක මාවන් ඊසා මියගොස් ඇතැයි ධවල මන්දිර නිලධාරි ජේක් සුලිවන් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 7 වන දා මෙම ගැටුම් ආරම්භ වූ දා සිට හමාස් නියෝජ්‍ය හමුදාපතිවරයා ලෙස සිටි මාවන් ඊසා එම සංවිධානයේ ජේ්‍යෂ්ඨතම නායකයා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. කෙසේ වෙතත් ඔහුගේ මරණය පිළිබද නිල වශයෙන් මේ දක්වා වාර්තා වී නැහැ. මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරේ උමං සංකීර්ණයක් ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව මාවන් ඊසා මියගිය බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබුණා.
රුසියානු ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ව්ලැදිමීර් පුටින්ට රටවල් රැසක නායකයින් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ අතර චීන ජනාධිපති ෂී ජින් පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතු`ඵ ඉරාන සහ උතුරු කොරියානු නායකයින්ද පුටින්ගේ ජයග්‍රහණය පිළිබඳ සිය සතුට පළ කර සුබ පැතුම් එක් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. එමෙන්ම රුසියාවේ බෙලරූසය, කියුබාව සහ වෙනිසියුලාව යන රටවල නායකයින්ද පුටින්ව අමතා සිය සුබ පැතුම් එක්කර ඇති බව ද සදහන්.
අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස මෙරට ධීවරයන්ට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉරාන ධීවර යාත්‍රාවක් පසුගිය සෙනසුරාදා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එම නිවේදනය නිකුත් කර තිබෙනවා.
නිවාස, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සදහා විදුලිය ලබාදීමට නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මත කර තිබෙනවා. ඒ අනුව නව පාරිභෝගිකයෙකු විදුලි සැපයුම ලබා ගැනීමට යන වියදමෙන් සියයට 25 ක් ගෙවීමෙන් අනතුරුව ඉදිරි මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතිනවා.
ඉංගිරිය බෝධිනාගල ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල කපා ඇය සමග සිටි පුද්ගලයා ද ගෙල කපා ගෙන සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දෙදෙනාම මේ වනවිට හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර 48 හැවිරිදි පිරිමි පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේත් 43 හැවිරිදි කාන්තාව ඉංගිරිය පෝරුවදණ්ඩ පනංගලවත්ත ප්‍රදේශයේත් පදිංචිකරුවන් බව සදහන්. අනියම් ඇසුරක් මත සිදුවූ ආරවුලක් මෙම සිද්ධියට හේතුවන්නට ඇති බවට සැකකරන අතර ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
විදුලි බිල ඇතුළු විවිධ කරුණු පිළිබද විමසීම සඳහා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ලබන 21 වැනිදා කැඳවීමට නියමිතයි. ආයතනයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු එම කමිටුව හමුවට කැඳවන පළමු ආයතනය වන්නේ විදුලිබල මණ්ඩලයයි.
ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ඇත්දැයි විමසා බැලීම සඳහා සමීක්ෂණයක් කිරීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















