- ජනපති අනුරගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට විශේෂ ස්තුතියක්
- කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවයි
- එළඹෙන වසරේ සිදුකිරීමට නියමිත විගණන 3000 ඉක්මවයි
- ආපදා සහන සලසන බවට පවසන ජාවාරම්කරුවන්ට රැවටෙන්න එපා
- රට ගොඩනැගීමේ අරමුදලට තවත් මිලියන 100ක පරිත්‍යාගයක්
- දෙසැම්බර් මුල් සතියේ මෙරටට සංචාරකයින් 43,000ක්
- පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
- ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කෙරේ
Author: Dhanushka
මහ කන්නයේ වී මිලදී ගැනිමේ කටයුතු සදහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 1000 ක මුදලක් ලැබී තිබෙනවා. මේ අනුව මහ භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500 ක් ද ගොවි භාරකාර අරමුදලින් රුපියල් මිලියන 500 ක් ද වශයෙන් මිලියන 1000 ක මුදලක් ලැබී ඇති බවයි වී අලෙවි මණ්ඩලය සදහන් කළේ. පසුගිය 18 වන දා සිට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම ආරම්භ කළ අතර මේ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා දෙක බැගින් මේ වන විට විවෘත කර තිබෙනවා. මේ අනුව ගත වූ දින 5 තුළ වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී ප්‍රමාණය කිලෝග්‍රෑම් නව ලක්ෂ හාරදහස් දෙසිය…
දකුණු පළාතේ ගුරු පුරප්පාඩු 3100 ක් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ ලබන මාසයේ එම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බවයි. පසුගියදා පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පවත්වනු ලබනවා. ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඔවුන් පුරප්පාඩු සහිත පාසල්වලට අනියුක්ත කරන බවයි.
මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාමිණී දිසානායක මහතාගේ අසූ දෙවැනි ජන්ම දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ අතර එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ගාමිණී දිසානායක මහතා ආරම්භ කළ මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත් රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
රට මුහුණ දෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්ල තම වැටුප සහ සියලු ප්‍රතිලාභ අත්හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින් විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව මෙම තීරණය ගත් බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබෙනවා. රජයේ මුදලින් සිදුවන විදෙස් සංචාර නැවැත්වීම සහ කප්පාදු කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය අතරේ එකඟත්වයක් ඇති වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මේ අනුව ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා සිදුකෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම පසුගිය සතියේදී ද බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා සිදු කර තිබුණා.
160 වෙනි ජාතික පොලිස්විරු අනුස්මරණ දිනය නිමිත්තෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ සැමරුම් උත්සවය හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ ප්රමධානත්වයෙන් අද දින හැටන් පොලිස් ක්‍රීඩාංගණයේදි පැවැත්විණ. මෙම අනුස්මරණ උත්සවයේදි පොලිස් සේවයේදි මිය ගිය පොලිස්විරුවන් සිහි කරමින් පුෂ්ප උපහාර පිදිමක් සිදු කල අතර මෙම අනුස්මරණ උත්සවයට පොලිස් සේවයේදි දිවි පිදු පොලිස් නිලධාරින්ගේ පවුලේ ඥාතින් සහ අබාධිත වු පොලිස්විරුවන් කිහිපදෙනෙකු සහභාගි විය. 160 වෙනි ජාතික පොලිස්විරු අනුස්මරණ දිනය නිමිත්තෙන් පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබු පණිවිඩය හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරිණ.
ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ දියත් කළ විරෝධතා පාගමන අතරතුර අත්අඩංගුවට ගත් 33 දෙනා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව මෙන්ම තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතා පාගමන ඊයේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ කර තිබුණා. කෙසේ වෙතත් අදාළ පාගමන විසුරුවා හැරීම සදහා පොලිසිය ජල සහ කඳු`ඵ ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත් අතර එහිදි ඇති වී නොසන්සුන්තා මධ්‍යයේ විරෝධතාකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන්වහන්සේ දෙනමක් සහ කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත්.
දේශීයව නිෂ්පාදනය කළ බිත්තරවල මිල අඩු වී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂාපදකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සදහන් කළේ අද වන විට වෙළදපොලේ ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තරවල මිලට වඩා දේශීය බිත්තරවල මිල අඩු වී ඇති බවයි. ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක් රුපියල් 45 ක මිලකට අලෙවි වන විට ඒ හා සමාන බරින් යුතු දේශීයව නිෂ්පාදනය කළ බිත්තරයක් රුපියල් 40 කට අලෙවි වන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුමාරදාස හන්දියේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළි ගොස් අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස්රථ රියදුරු ඇතු`ඵ 15 දෙනෙකු වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. බස්රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර ඇති සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ මෙහෙයුම මගින් ගෙමම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 450 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 670 ක් සියභාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















