- ජනපති අනුරගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට විශේෂ ස්තුතියක්
- කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවයි
- එළඹෙන වසරේ සිදුකිරීමට නියමිත විගණන 3000 ඉක්මවයි
- ආපදා සහන සලසන බවට පවසන ජාවාරම්කරුවන්ට රැවටෙන්න එපා
- රට ගොඩනැගීමේ අරමුදලට තවත් මිලියන 100ක පරිත්‍යාගයක්
- දෙසැම්බර් මුල් සතියේ මෙරටට සංචාරකයින් 43,000ක්
- පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
- ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කෙරේ
Author: Dhanushka
කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම සදහා ස්ථාපිත කළ ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි 1077 ක් වාර්තා වී තිබෙනවා. ඉන් පැමිණිලි 477 ක විමර්ශන අවසන් කර ඇති අතර පැමිණිලි 42 ක් සදහා නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ. එමෙන්ම පැමිණිලි 8 ක් සමථ මණ්ඩලයට යොමුකර ඇති අතර පැමිණිලි 550කට අදාළව විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව සදහන්. පොලිස් ස්ථාන වෙත ගොස් පැමිණිලි කිරීමට නොහැකි කාන්තාවන්ට සහ ළමුන්ට ඔවුනගේ රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය 109 ක්ෂණික ඇමතුම් අංකය පසුගියදා ස්ථාපිත කරනු ලැබුවා.
යුක්තිය මෙහෙයුමට අදාළව ඊයේ දිනයේදී 866 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා. ඉන් සැකකරුවන් 57 දෙනෙකු සදහා රඳවා තැබීමේ නියෝග ලබාගැනීමට නියමිත අතර සැකකරුවන් 5 දෙනෙකු වත්කම් විමර්ශනය කිරීමට නියමිත බව සදහන්. එමෙන්ම සැකකරුවන් 10 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර තිබෙනවා.
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ, අද අලුයම නේවාසිකාගාරයක් තුළදී සිසුවෙකු හදිසියේ රෝගාතුර වීමේ සිද්ධියක් මුල් කරගනිමින්. කැළණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා. අදාළ සිසුවා රෝහල්ගත කිරීම සදහා අවශ්‍ය ගිලන්රථ පහසුකමක් හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහුව රෝහල්ගත කිරීම ප්‍රමාද වූ බවයි විශ්වවිද්‍යලාය සිසුන් චෝදනා කරන්නේ. මේ වන විට සිසුන් 150 දෙනෙකු පමණ විරෝධතාවයක එක්ව සිටින බව සදහන්.
ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සදහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සදහා වසර 6 ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ අනුව ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලී අනුපාතය ද අඩු කිරීමට අපේක්ෂා කරන බවයි එහිදි පෙන්වා දී ඇත්තේ. ශ්‍රී ලංකාවේ අයි එම් එෆ් ජේ්‍යෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්, ඉන්දියාවේ “ද හින්දු” පුවත් පතට පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සදහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සම්බන්ධයෙන් වූ සාකච්ඡා වඩාත් සාර්ථකව ඉදිරියට යන බවයි. එමෙන්ම එම සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් කොන්දේසි සම්බන්ධයෙන් වූ මූලික එකඟතාවයකට ඉක්මනින් එළඹෙන බවත් ඔහු එහිදි සදහන් කර තිබෙනවා.
ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පහර දීම් සිදුකළ බවට අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අදාළ සැකකරුවන් 5 දෙනාගේ එම පෙරට්ටුව ලබන 27 වන දා කැඳවන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ. එම නඩුවේ සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරින් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවට කළ දැනුම් දීමකට අනුව සැකකරුවන් එළඹන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම සදහා දිනයක් වෙන් කර තිබෙනවා. ඒ, එම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදි. මේ අනුව එළඹෙන 25 වන සඳුදා අදාළ පෙත්සම සලකා බැලීම සදහා කැඳවන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.
ශ්‍රී ලංකාව තුළ සියයට 80 ක පමණ ඖෂධ හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි සම කැඳවුම්කරු රවි කුමුදේශ මහතා සදහන් කළේ ඖෂධ හිඟවීම හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇති බවයි.
මෙම වසරේ මැද භාගය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂය වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අනුව එතැන් සිට රටේ ප්‍රගතිය සදහා තවදුරටත් අවස්ථා උදාවනු ඇති බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. එමෙන්ම ජූනි මාසය වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී භාණ්ඩ මිල ද පහත දැමිය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. එමෙන්ම එළඹෙන මාසයේදී ලෝක බැංකුවේ සහ අයිඑම්එෆ් හි ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදි සදහන් කළා.
උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහත දැමීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව ලොකු `ඵණූ කිලෝවක මිල රුපියල් 100 කින් අඩු කර ඇති අතර, රතු කව්පි රුපියල් 52 කින් සහ සුදු කව්පි මිල රුපියල් 50 කින් අඩු කර තිබෙනවා. එමෙන්ම සුදු සහ දුඹුරු සීනි මිල රුපියල් 5 කින් අඩුකර ඇති බව සදහන්. මීට අමතරව බාස්මති සහල් රුපියල් 20 කින් ද, රතු `ඵණූ රුපියල් 10 කින් ද මිල අඩුකර තිබෙනවා. එමෙන්ම සෝයා මීට් මිල ද රුපියල් 5 කින් මිල පහත දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
ස්මාර්ට් ෆෝන් වෙළදපොල තුල නීතිවිරෝධී ලෙස ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් අමෙරිකාව විසින් ඇපල් සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. ඇපල් සමාගම සිය පාරිභෝගිකයින් පාලනය කිරීම සදහා අයි ෆෝන් යෙදුම් වෙළදපල පාලනය අනිසි ලෙස භාවිත කරන බවයි අමෙරිකා අධිකරණය දෙපාර්තමේන්තුව චෝදනා කර ඇත්තේ. ප්‍රාන්ත 16 ක නීතිපතිවරුන් සමග නිව්ජර්සි හි ෆොඩරල් උසාවියක මෙම නඩුව ගොනුකර ඇති බව සදහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222













