Author: Dhanushka

ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මේ අනුව එම වැටුප රුපියල් 17,500 ක් දක්වා වැඩිකිරීමටයි ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් නිර්දේශ කර ඇත්තේ. එමෙන්ම ජාතික අවම දෛනික වැටුප ද රුපියල් 500 යේ සිට 700 ක් දක්වා වැඩිකෙරෙනු ඇති. සේවකයින්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500 ක් ලෙස මීට පෙර නියම කර තිබුණා.

තව කියවන්​න

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අනුව එළඹෙන අප්‍රේල් මස 05 වන දා සිට නානුඔය සිට බදුල්ල දක්වා සංචාරක විශේෂ නැරඹුම් මැදිරියක් සහිත දුම්රියක් ද ධාවනයේ යෙදවීමට නියමිත බව සදහන්. සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ දැමීමේ අරමුණින් මෙම පියවරට එළඹි බවයි ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කළේ.

තව කියවන්​න

රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවක් ඉලක්ක කරගනිමින් පසුගිය දා එල්ල වූ ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදි කණ්ඩායම් සම්බන්ධ බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා. අදාළ ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදින් සිදු කළ බවට රුසියානු ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රථම ප්‍රකාශය මෙය බවයි විදෙස් වාර්තා සදහන් කළේ. එමෙන්ම ප්‍රහාරය සදහා යුකරේනයේ ද කිසියම් සම්බන්ධයක් ඇති බවට පුටින් ජනාධිපතිවරයා චෝදනා කර තිබුණා. අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ප්‍රධාන තුවක්කුකරුවන් සිව් දෙනාට අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමටයි පියවර ගැනුණේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත, සත්ව රෝග පනත සහ රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමග තරුණ ව්‍යාපාරික යුවළක්  කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණ ව්‍යාපාරික යුවළක තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තො ටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී මෙලෙස  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ වාතාස්‍රය ලැබෙන පරිදි සකස් කළ කුඩා ප්ලාස්ටික් පෙට්ටි තුළ ඉබ්බන් ,ගෙම්බන් , මාලු , ඉත්තෑවන් , ලේනුන් , කැස්බෑවන් , කටුස්සන් , හැම්ස්ටර් , සැලමැන්ඩා…

තව කියවන්​න

2024 වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකාව විදේශ ප්‍රේෂණ ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 964 ක් උපයා තිබෙනවා. එමෙන්ම සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 687 ක් උපයා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

තව කියවන්​න

කොහුවල මංසන්ධියේ අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස ඇරඹි ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වනවිට අතරමග නතර වී තිබෙනවා. රියැදුරන් චෝදනා කරන්නේ මේ හේතුවෙන් ගුවන් පාලම ඉදිකිරීමට පෙර පැවැති රථ වාහන තදබදයට වැඩි තදබදයක් මේ වනවිට පවතින බවයි. හංගේරියානු රජයේ ආධාර යටතේ යුරෝ මිලියන 11ක්, එනම් රුපියල් මිලියන 2640ක වියදමින් කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙන්නේ 2021 වසරේ ජුනි මස 07 වැනිදායි. ඒ, මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ ව්‍යාපෘති අංශයේ අධීක්ෂණය යටතේයි

තව කියවන්​න

බඩ ඉරිඟු, වී, මුං ඇට,කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ ආරක්ෂිතව වියළා ගැනීම සඳහා නව බීජ වියලීමේ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දී තිබෙනවා. සෝලා ටනල් ඩ්‍රයර් ලෙස හැඳින්වෙන මෙම පද්ධතිය, සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ සූර්ය බලයෙන් වීම විශේෂත්වයක්. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අවධාරණය කළේ බඩඉරිඟුරෑ හා වෙනත් ධාන්‍ය වියලීමේදී නිසි පරිදි ජලය ඉවත්වීම නොවීම නිසා ඇෆලටොක්සින් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි වුවද මෙම ධාන්‍ය වියළිමේ පද්ධතිය මගින් එවැනි අවදානමක් මතු නොවන බවයි.

තව කියවන්​න

පුද්ගලයින් 137 දෙනෙකුට මරු කැඳවමින් රුසියාවේ මොස්කව් ප්‍රසංග ශාලාවකට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සිව් දෙනාට මිනීමැරුම් හා ත්‍රස්ත චෝදනා ගොනුකරමින් අධිකරණයට ඉදිරපත් කර තිබෙනවා. මේ අනුව මොවුන් සිව් දෙනාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවිය හැකි බවයි මොස්කව් දිස්ත්‍රික් අධිකරණයක් උපුටා දක්වමින් විදෙස් වාර්තා සදහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකුට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනුකර තිබෙනවා. මේ අනුව ඔවුන් එරට අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඇති අතර මැයි මස 22 වන දා දක්වා සැකකරුවන් රඳවා තබාගැනීමට නියෝග කර ඇති බව සදහන්.

තව කියවන්​න

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමත් සමග කිරි තේ එකක මිල රුපියල් 5 – 10 ත් අතර අගයකින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2900 ත් 3100 ත් අතර මිලකට අලෙවි වන ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් අඩු කිරීමටයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කටයුතු කළේ. ඒ අනුව 1000 ත් 1200 ත් අතර මිලකට අලෙවි වන ග්‍රෑම් 400 යේ ආනයනික කිරිපිටි පැකට්ටුවක මිලද රුපියල් 60 කින් අඩු කිරීමට වෙළද අමාත්‍යවරයා තීරණය කළා. මේ පිළිබදව සලකා බලමිනුයි සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය අදාළ තීරණයට…

තව කියවන්​න

විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයන් සහ වෘත්තිකයින්ට යම් අවදානමක් හෝ අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ බව දැනුම් දීමට ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මෙම ඩිජිටල්ගත ක්‍රමවේදය හරහා සමස්ත පද්ධතියම වෙනස් වන බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සදහන් කළේ. කෙසේ වෙතත් අදාළ ශ්‍රමිකයින්ගේ පැමිණිලි සහ ගැට`ඵ දැනුම් දීමට දැනටමත් තානාපති කාර්යාල විසින් දුරකථන අංක ලබාදී තිබෙනවා.

තව කියවන්​න