- ජනපති අනුරගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට විශේෂ ස්තුතියක්
- කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවයි
- එළඹෙන වසරේ සිදුකිරීමට නියමිත විගණන 3000 ඉක්මවයි
- ආපදා සහන සලසන බවට පවසන ජාවාරම්කරුවන්ට රැවටෙන්න එපා
- රට ගොඩනැගීමේ අරමුදලට තවත් මිලියන 100ක පරිත්‍යාගයක්
- දෙසැම්බර් මුල් සතියේ මෙරටට සංචාරකයින් 43,000ක්
- පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
- ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කෙරේ
Author: Dhanushka
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා. ඒ, මීට සුඵ මොහොතකට පෙර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව රැස්වුණේ එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතුවයි. ඒ අනුවයි දැනට පුරප්පාඩුව පවතින ජාතික සංවිධායක ධුරය සදහා නාමල් රාජපක්ෂ මහතා පත්කරනු ලැබුවේ.
රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම්, රාත්‍රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව රථ වාහන දඩ පත්‍රිකා රාත්‍රී කාලයේදී ගෙවීමට පහසුකම් සලසා දී ඇති තැපැල් කාර්යාල ලේඛනය තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත් කුමාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.
අම්පාර, හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල සහ වේයන්ගොඩ යන ප්‍රදේශවල සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා’ කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත මෙම බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජකයන් වෙත කොන්ත්‍රාත්තු පිරිනමනු ලබනවා. මෙගාවොට් එකේ සිට පහ දක්වා AC ධාරිතාවකින් යුත් මෙගාවොට් 70 ක ධාරිතාවක් සහිත මෙම බලාගාර ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී තිබෙනවා
බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට ඒ මහතාගේ දියණිය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය පියාගේ මානව හිමිකම් කඩවී ඇති බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් කර සාධාරණයක් ඉටුකරන ලෙස එහිදී ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.
රාජ්‍ය ආයතන සතු වාහන ධාවනයේදී කිලෝමීටරයක් සඳහා රුපියල් 300ක පමණ වියදමක්ව දැරීමට සිදු වන බව ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. නමුත් එය රුපියල් 100 ක් දක්වා අඩුකළ හැකි බවයි එහිදී අනාවරණය වී ඇත්තේ. මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ දත්ත අනුව මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා. එම දත්ත අනුව රාජ්‍ය ආයතන සතුව වාහන 82,000ක් පමණ පවතින බව සදහන්. ඉන් වාහන 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින බවත් වාහන 5,500ක් පමණ ධාවන තත්ත්වයේ නොපවතින බවත් එහිදී අනාවරණ වී තිබෙනවා.
යුක්තිය මෙහෙයුමට අදාළව ඊයේ දිනයේදී සැකකරුවන් 881 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 45 දෙනෙකු වැඩිදුර විමර්ශන සදහා රඳවා තබාගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත අතර සැකකරුවන් 9 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 19 වන දා ආරම්භ කළ මෙම මෙහෙයුම යටතේ මේ දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ. මේ අනුව එම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව ඝාතනය කිරීමේ උත්සහයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඔත්තුකරුවෙකු විසින් අමාත්‍ය ටිරාන් අලස් මහතාට යොමුකරන ලද ලිපියකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව සදහන්. රාජ්‍ය ඔත්තුකරුවෙකුට ලද තොරතුරකට අනුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට යම් පුද්ගලයෙකු විසින් දුරකථන මාර්ගයෙන් ගිනි අවියක් ඉල්ලා ඇති අතර ඒ අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවාග ඒ අනුව බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේග
කඵතර ප්‍රධාන බස්නැවතුම්පල සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි අප වාර්තාකරු පවසනවා. ජනඅරගල ව්‍යාපාරය කඵතර බස්නැවතුම්පළ ඉදිරිපිට සිදු කිරීමට නියමිත විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි වාර්තා වුණේ. මේ අනුව 50 කට අධික කාන්තා පොලිස් නිලධාරිනියන් ද සමගින් පොලිස් කණ්ඩායම් කිහිපයක් කඵතර නගරයේ ස්ථාන කිහිපයක යොදවා ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















