Author: Ashan Gamage

මඩාටුගම  ගල්කිරියාගම  ප්රධාන මාර්ගයේ කිරලව ප්රදේශයේ  කිරලව පාලම ගිලා බැසීමේ අවදානමට ලක් වීම හේතුවෙන් 27 දින පස්වරුවේ සිට      පාලම මතින් ගමන් කිරීම නවතා දැමූ බව  මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. ඒ අනුව  මඩාටුගම හරහා ගල්කිරියාගම, කලාවැව, පුබ්බෝගම , නාමල් උයන,   ආදී ප්රදේශවලට ගමන් කරන වාහන විකල්ප මාර් ග  භාවිතා කළයුතුව ඇත දඹුල්ල ගල්කිරියාගම ප්රධාන මාර්ගයේ ගල්කිරියාගම කිරලව ප්රදේශයෙන් දඹුලු ඔය හරහා කලාවැවට ජලය ගෙනයන  කිරලව පාලම දෙපස  සහ තාවකාලික පාලමද  ගිලාබැසීමේ තත්ත්වයට පත්ව ඇතැයි පොලිසිය කියයි. මිට වසරකට පෙර මෙම පැරණි පාලම ගිලා බැසීම නිසා තාවකාලික යකඩ පාලමක් සවි කලද එහි ඉදිකිරීම් ප්‍රමාද වීම සහ ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම් නිසා මේ වසරේ…

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිඩක කමිදු මෙන්ඩිස් නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් වර්ගීකරණයේ පළමු 10 දෙනා අතරට එක්ව තිබෙනවා. ටෙස්ට් පිතිකරුවන් අතර කමිදුට හිමිව ඇත්තේ නවවන ස්ථානයයි. එංගලන්ත ක්‍රිඩක ජෝ රූට් ටෙස්ට් පිතිකරුවන් අතර තවදුරටත් පෙරමුණේ පසුවනවා.

තව කියවන්​න

දවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස 82කට පුර්ණ වශයෙන් හානි සිදුව තිබෙනවා.

තව කියවන්​න

කලා වැවේ වාන්  දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔය දෙපස ජනතාව  27 දින රාත්‍රියේ දැඩි විමසිලිමත්ව සිටින බව සිටින ලෙස බෝවතැන්න ජලාශ භාර ඉංජිනේරුත් බුද්ධික මහේෂ් නවරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි. කළාවැවට තත්පරයට ඝන අඩි  දහ අටදහසකට  අධික ජල ප්‍රමාණයක් ලැබෙමින් පවතින නිසා රාත්‍රී කාලයේ ලැබෙන ජලය වැඩිවීම සිදු වුවහොත් ඒ හා සමානවම වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය මේ වන විට මේ වන විට කලා වැවේ සොරවූ දෙකම අඩි දහ අට බැගින් විවෘත කොට තප්පරයකට ඝන අඩි දහ අටදහසකට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරෙමින් තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. වර්ෂාපතනය නිරන්තරයෙන් ලැබෙන…

තව කියවන්​න

දිවයිනට බලපා ඇති  අයහපත් කාළගුණික තත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් තුනක් (03) මාවඩිඔඩයි, මයිලවඩ්ඩුවන් සහ මන්මුනේ පාලම ප්‍රදේශයන් වෙත යෙදවීමට කටයු කෙරුණි. එහිදි එක් කණ්ඩායමක් විසින් අද දින(2024 නොවැම්බර් 27) චෙන්කලඩි, මාවඩිඔඩයි ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් (03) යුත් පවුලක් බේරා ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, අද දින (2024 නොවැම්බර් 27) පස්වරුවේ ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනය මගින් සිදුකල සහන සැලසීමේ ක්‍රියන්විතයකදී මෙලෙස මඩකළපුව, චෙන්කලඩි මාවඩිඔඩයි ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත්ව  ගොවි බිමක සිරවී සිටි කුඩා දරුවකු (01) ඇතුළු තිදෙනෙකුගෙන් (03) යුත් පවුලක් බේරා ගැනීමට හැකි වූ අතර, ආරක්‍ෂිතව බේරාගන්නා ලද එම පවුල එරාවුර් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත රැගෙන යාමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.…

තව කියවන්​න

රුපියල් ලක්ෂ දහ හතරක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි 275 ක් සිය ගමන් මලු තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු 11/28 දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු මීගමුව , දළුපොත ප්‍රදේශයේ පදිංචි , මැලේසියාවේ කුළී රැකියාවක මාස 06 ක් පමණ නිරත වී සිට මෙරටට පැමිණෙමින් සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි . මොහු 11/28 දින අලුයම 12.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විද්‍යුත් දුම්වැටි…

තව කියවන්​න

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අභිනව ලේකම් ධූරයට පත්කෙරුණු වයි.එල්. මොහොමඩ් නවාවි මහතා අද දින බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දී විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඉදිරියේ සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය. මෙම අවස්ථාවට ගරු ජනාධිපතිතුමාගේ විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ගෝමින් උඩුගමසූරිය මහතා, ඇතුළු අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන මොහොමඩ් නවාවි මහතා මෙම තනතුරට පත්වීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) ලෙස කටයුතු කළේය. පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආදී රාජ්‍ය ආයතනවලද…

තව කියවන්​න

තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති සංචාරක ඇගැයීම් උළෙලේදී ,ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , ” විශිෂ්ඨතම ගුවන් සේවා හවුල්කරු ” සම්මානය හිමි කර ගැනීමට සමත් වී තිබේ . මෙම සංචාරක උළෙල ඉකුත් 11/19 දින තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි හී දී පවත්වා තිබූ අතර ප්‍රාන්තයේ සංචාරක කරමාන්තයට ශ්‍රී ලන්කන් ගුවන් සේවය දක්වන කැපී පෙනෙන දායකත්වය මෙහිදී ඇගැයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනැමීමට පියවර ගෙන තිබේ .  ශ්‍රී ලන්කන් ගුවන් සේවය සාප්පු සවාරි , වන්දනා චාරිකා සහ වෛද්‍ය ප්‍රතිකාර සදහා තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි , තිරුචිරප්පල්ලි සහ මධුරෙයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සතියකට ගුවන් ගමන් වාර 35 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරමින් සිටිති .  මීට අමතරව ශ්‍රී…

තව කියවන්​න

අද රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තව කියවන්​න

රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහය  අඩි පහක් උසට වාන් හතරක් ද ,අඩි හතරක් උසට වාන් හතරක්ද, අඩි දෙකක් උසට වාන්  දෙකක්ද විවෘත කර ඇති බවට රාජාංගනය ජලාශ භාර වාරි ඉංජිනේරු  සම්පත් සමරජීව මහතා පැවසීය. එයින් තත්පරයට ඝන අඩි 9930 ක් කළා ඔයට මුදා හරිනු ලබයි. අංගමුව  ජලාශය වාන් දොරටු දෙක අඩි හතක් උස්සා ඇති බැවින් එයින් තත්පරයට ගණ අඩි 3650 ලුණුඔයට මුදා හරී. කලා ඔය සහ ලුණුඔය ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාවට දැඩි සැළකිළ්ළෙන් සිටින ලෙසට ජලාශ භාර වාරි ඉංජිනේරු  සම්පත් සමරජීව මහතා විශේෂයෙන් ජනතාවට දැනුම් දෙනු ලැබීය. ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට ඉදිරි කාලයේ දී අධික වර්ෂාවක් ලැබුණහොත්  තවත්  වාන්…

තව කියවන්​න