Author: Anura Premakumara

දේශපාලන වාසි ලබා ගැනීම සදහා බුදු දහම යොදා නොගන්නා බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා . ජාතික භික්ෂූ පෙරමුණ විසින් කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ. වර්තමානයේ ජනතාව පත්ව ඇති තත්වයෙන් මුදා ගැනීම සදහා සියලුම දෙනාට වගකීමක් ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා .

තව කියවන්​න

එළඹෙන ජනාධිපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා . එම පක්ෂයේ පුත්තලම ආසන සම්මේලනය අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ . නවතම සමීක්ෂණ වාර්තා අනුව ජාතික ජන බලවේගයේ වත්මන් නායකයාට ජනාධිපතිවරණය ජය ගත නොහැකි බව අනාවරණය වී ඇති බවද තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළා .

තව කියවන්​න

ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා . මේ සම්බන්ධ පරීක්ෂණයක් අද දිනයේදී පැවැත්වීමට නියමිත බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කලේ . අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම තාවකාලිකව නතර කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා . මේ අතර මෙරට නිෂ්පාදිත ප්‍රතිජීවක ඖෂධයක කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කරන ලෙස ඊයේ දිනයේදී වෛද්‍ය සැපයුම් අංශය සියලු රෝහල්වලට දැනුම් දී තිබෙනවා . අදාළ ඖෂධය ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා මෙරට බහුලව භාවිතා කරන ඖෂධයක් වනවා. මෙම ප්‍රතිජීවක ඖෂධය මීට පෙර අවස්ථාවක ද තත්ත්වයෙන් බාල ඖෂධක් බවට…

තව කියවන්​න

පිරමීඩ ජාවාරම් වල යෙදුනු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලීසිය සමත්ව තිබෙනවා . ඔවුන් අතර චීන ජාතිකයන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ . අදාළ චීන ජාතිකයන් මෙරට තුළ සිදුකළ පිරමීඩ ජාවාරමෙන් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචාකර ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා . අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් බවද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා . මේ පිළිබද වැඩිදුර විමර්ශන කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වනවා .

තව කියවන්​න

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට දිනයේ සිට ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. සුබ සාදක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජි. විජේරත්න මහතා සිය ධුරයෙන් ඉලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටළු මතුවීමෙන් ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වුණා. කෙසේ වෙතත් නව සභාපතිවරයා පසුගියදා වැඩ ගැනීමත් සමග මතුව තිබු ගැටළු නිරාකරණය වූ බවයි එම මණ්ඩලය සඳහන් කලේ. මේ අනුව සියළු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා පළමු අදියරේදීම ලබාගැනීමට ද අවස්ථාව හිමිව තිබෙනවා.

තව කියවන්​න

ගැබිනි මව්වරුන් සඳහා රජය නොමිලේ දෙන පෝෂණ මල්ල ඉදිරියේදී තෝරාගත් මව්වරුන්ට පමණක් නිකුත් කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. මීට පෙර මෙම පෝෂණ මල්ල කිසිදු භේදයකින් තොරව සියලුම ගැබිනි මව්වරුන් වෙත නිකුත් කිරීම සිදු කරනු ලැබුවා. නමුත් පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී එය අත්හිටුවනු ලැබුවා. කෙසේවෙතත් ඉදිරියේදී තෝරාගත් පිරිසකට එය යලි නිකුත් කිරීමට කටයුතු කරාන බවයි අමාත්‍යවරිය කියා සිටියේ.

තව කියවන්​න

උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ දී මිනිස් සිරුරට දැනෙන දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් වැඩබිම්වල සිටිය දී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් මෙම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේම කුඩා ළමයින් වාහන තුළ තනිවම රඳවා යෑමෙන් වළකින ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. මේ අතර දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 19කට අයත් පවුල් 81,203 ක පුද්ගලයින් දෙලක්ෂ 80,400 ක් පීඩාවට පත්ව සිටිනවා. මේ ඒ සමබන්ධයෙන් අදහස් පල කල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා.

තව කියවන්​න

මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අද සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ, අද සිට පෙරහැර අවසන් වන තෙක් එම ගමන්වාර ක්‍රියාත්මක බවයි. තව ද මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පැවසුව්, ඒ සඳහා බස් රථ 350ක් පමණ ධාවනයට එක්කර ඇති බවයි .

තව කියවන්​න

පාකිස්ථාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය අද පැවැත්වෙනවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකේම ජය හිමිකර ගනු ලැබුවේ පාකිස්ථාන කණ්ඩායමයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කොඇමොක්සික්ලෙව් ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙසයි වෛද්‍ය සැපයුම් අංශය සියලු රෝහල්වලට දැනුම් දී තිබෙන්නේ. කොඇමොක්සි ක්ලෙව් ඖෂධය ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා මෙරට බහුලව භාවිතා කරන ඖෂධයක් වනවා. එය ළමා රෝගවල දී පළමු පෙළ ඖෂධයක් ලෙසයි භාවිතා කරනු ලබන්නේ. මෙම ප්‍රතිජීවක ඖෂධය මීට පෙර අවස්ථාවක ද තත්ත්වයෙන් බාල ඖෂධක් බවට තහවුරු වී ඇති බව වාර්තා වුණා. මෙම ඖෂධය නිෂ්පාදනය කරනු ලබන්නේ කළුතර ප්‍රදේශයේ සමාගමක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටින් මෙම ඖෂධය ගැන පර්යේෂණ වාර්තාවක් ද ඉල්ලා ඇති බව…

තව කියවන්​න