Author: Anura Premakumara

පිරමීඩ ජාවාරම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ඒවාට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ එසේ නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා. පිරමීඩ ක්‍රමය යනු, ව්‍යාපාරික ක්‍රමයක් නොවන බවත් එය අපරාධමය ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව මහ බැංකුව විසින් මෙම පිරමීඩ ජාවාරම තහනම් කර තිබෙනවා. එබැවින් මෙම පිරමීඩ ක්‍රමය සඳහා අපරාධ නීතිය බලපාන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

තව කියවන්​න

අෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගන්නට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ පැවති තුන්වන එක්දින තරගය ලකුණු 59කින් ජයගනිමින්. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 268ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 48 යි පන්දු 4ක් තුළ සියල්ලන් දැවී ලබා ගතහැකි වුණේ ලකුණු 209ක් පමණයි.

තව කියවන්​න

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය කෙරුණා. මේ අතර අද දිනය තුළ ද මහනුවර සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. එමෙන්ම මහනුවර නගරය කෙන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම පෙරහැර මංගල්‍යය අවසන් වන තෙක් පවතින බව පොලිසිය සදහන් කළා.

තව කියවන්​න

දෙහිවල ඕබන් ප්‍රදේශයේ පසුගියදා සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ. ඔහු සන්තකයේ තිබි ජීව අත්බෝම්බයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරු අද අධිකරණයට හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

තව කියවන්​න

මින්නේරිය ගල්ඔය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වු 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ. පවුල් ආරවුලක් මතයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

47 වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් වුණා. ඒ රන් පදක්කම් 175 ක්, රිදී පදක්කම් 78 ක් සහ ලෝකඩ පදක්කම් 89 ක් දිනා ගනිමින්. අනු ශූරතාව මධ්‍යම පළාතට හිමි වූ අතර 3 වන ස්ථානය දිනා ගත්තේ දකුණු පලාතයි.

තව කියවන්​න

දිවයිනේ පළාත් කිහිපයක අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලටත් වැසිවාර කිහිපයක් අපේක්ෂා කෙරෙනු ඇති. මොණරාගල , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

තව කියවන්​න

2023 හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළලේ 400 x 4 පිරිමි සහය දිවීමේ මුල් වටයේ 2වන තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දර්ශන, රාජකරුණා, නිකූ සහ කුමාරගේ යන ක්‍රීඩකයින් තරග වැදුණු අතර ශ්‍රී ලංකාවට හිමි වූයේ අවසන් ස්ථානයයි. 400 ඞ 4 සහය දිවීමේ මුල් වටයේ 2වන තරගය සඳහා ශ්‍රී ලංකාව සමඟ නෙදර්ලන්තය, ජැමෙයිකාව, බෙල්ජියම, ඉතාලිය, ප්‍රංශය, කෙන්යාව සහ ජර්මනිය යන රටවල් සහභාගී වුණා. මෙම තරගයේදී පළමු ස්ථානය ජැමෙයිකාව විසින් දිනාගත් අතර ප්‍රංශය සහ ඉතාලිය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගනු ලැබුවා.

තව කියවන්​න

ජපානය, ඇමෙරිකාව, ඕස්ටේ්‍රලියාව සහ පිලිපීනය දකුණු චීන මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වනවා. ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ චීනය මැනිලා හි හමුදා කඳවුරුවල සැපයුම් කටයුතුවලට බාධා කිරීමට අඛණ්ඩව උත්සාහ දරන බවයි. චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් පිලිපීන යාත්‍රාවකට කාලතුවක්කු ප්‍රහාරයක්ද පසුගියදා එල්ල කළා. ඊට එරෙහිව මෙම අභ්‍යාසය සිදු කිරීම විශේෂත්වයක්. ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බළකායේ විශාලතම විනාශකාරී නෞකාව වන ඉසුමෝ සහ සන්දරේ යන නෞකා මෙම අභ්‍යාසය සදහා එක් කර තිබුණා.

තව කියවන්​න

දංඕවිට, කඹුරාදෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි. වව්නියාව සිට කොළඹ බලා සහ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

තව කියවන්​න