Author: Anura Premakumara

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන පාකිස්ථාන සංචිතය නම් කර තිබෙනවා. බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතු පාකිස්ථාන සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්. ආසියානු කුසලාන තරගාවලිය ලබන 30 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහි පළමු තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්ථානය සහ නේපාලය අතරයි.

තව කියවන්​න

මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපල – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගි බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල , කටුනායක නිදහස් වෙළද කලාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය වෙත පැමිණෙන මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි අප කටුනායක වාර්තාකරු සදහන් කළේ. හෙට පස්වරුව දක්වා වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

යුකේනයේ සිදුවූ ගුවන් අනතුරකින් ගුවන් නියමුවන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය ගුවන් නියමුවන් අතර එරට වඩාත් ජනප්‍රියව සිටින ඇන්ඩ්‍රි පිල්ෂිකොව් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියානු මෙහෙයුමේ මුල් අදියර තුළ යුක්‍රේනය වෙනුවෙන් නිර්භීත ගුවන් ප්‍රහාර එල්ල කරමින් අදාළ ගුවන් නියමුවා විශේෂිත කාර්යභාරයක් සිදුකළ අතර, ඔහු යුක්‍රේනය පුරා ජනාදරයට පත්ව සිටි අයකු බව සැලකෙන්නේ. උතුරු දිග යුක්‍රේනයේ පුහුණු කටයුත්තක නිරතව සිටින අතරවාරයේ අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තව කියවන්​න

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඕනෑම පාර්ශවයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීමට සිදු වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා . ගම්පහ ප්‍රදේශයේ ඊයේ දිනයේ පැවති උත්සවයකට එක් වෙමිනියි ඔහු මේ බව ප්‍රකාශ කලේ .

තව කියවන්​න

අවස්තානුකුලව තීන්දු තීරණ ගනිමින් රටේ ආර්ථිකය සකස්කිරීමේ අභියෝගය ආණ්ඩුව විසින් භාරගෙන ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් . එහිදී වැඩිදුරටත් අදහස් පල කල අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම සදහා විපක්ෂය බලා සිටින බවයි .

තව කියවන්​න

දැනට හිගව පවතින තවත් ඖෂධ වර්ග 50ක් කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ඖෂධ වර්ග ආනයනය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ. පවතින ඖෂධ හිගය පාලනය කිරිම සදහායි සෞඛ්‍ය අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත්තේ. මේ වන විට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වර්ග 230ක හිගයක් පවතිනවා. ඉන්දිය ණය යෝජනා ක්‍රමයේ සහය යටතේ අදාළ ඖෂධ කඩිනමින් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මේ අතර වර්තමානයේදී හෘදයාබාධ ඇතිවී පුද්ගලයින් මිය යාමට හේතුව පසුගිය කාලයේදී ලබාගත් කොරෝනා එන්නත් බව සමාජය තුල පැතිර යන මතය පිළිගත නොහැකි බව සවුඛ්‍ය අංශ පවසනවා. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම…

තව කියවන්​න

ඉදිකිරීමට යෝජිත මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොකළහොත් ඉදිරියේ දී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා. මේ අතර ආදායම් බදු අයකර ගැනීමේ නිවැරදි සැලැස්මක් රජයට නොමැති බව ජාතික ජන බලවේගය පවසනවා. එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියේ පැවති රජයන් විසින් රටේ නිෂ්පාදන ආර්ථික බිඳදැමු බවයි.

තව කියවන්​න

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා. ඒ, ගම්පහ, දාරළුව ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියක් අද පෙරවරුවේ එලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි. කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. මේ අතර මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපල – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගි බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල , කටුනායක නිදහස් වෙළද කලාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය වෙත පැමිණෙන මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි…

තව කියවන්​න

ආණ්ඩුව සමඟ ඇතිකරගත් එකඟතාවක් මත ආරම්භ කළ රජයේ සහල් සහනාධාර වැඩසටහන අතරමඟ නවතා වෙනත් ගිවිසුමක් යටතේ එම වැඩසටහන සිදුකිරීමට රජය කටයුතු කරමින් සිටින බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා. එහි සභාපති යූ.කේ.සේමසිංහ මහතා සඳහන් කළේ එම රජයේ නව ගිවිසුමට සිය සංගමය එකඟ නොවන බවයි. එමෙන්ම මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඉතා අඩු මුදලකට වී මිල දී ගෙන ඉදිරියේ දී සහල් වැඩි මිලට අලෙවි කරනු ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති  අනුරාධ තෙන්නකෝන් මහතා කියා සිටියේ සහල් ආනයනය කිරීමට රජය කටයුතු නොකරන බවට ප්‍රකාශ කළ ද ඉදිරියේදී සහල් ආනයනය කරනු ඇතැයි වාර්තා වන බවයි.…

තව කියවන්​න

දුෂණ විරෝධි පනත් කෙටුම්පත බලාත්මක කිරීම සදහා තවත් මාස දෙකක පමණ කාලයක් ගතවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවද ඊට අදාළ රෙගුලාසි රැසක් තවමත් සකස් කරමින් පවතින බවයි අමාත්‍යවරයා සදහන් කළේ. නව දුෂණ විරෝධි පනත බලාත්මක වීමෙන් පසුව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව නව පනතේ බලතල ප්‍රකාරව ක්‍රියාත්මක වනු ඇති. දුෂණ විරෝධි පනත් කෙටුම්පත් කිසිදු ඡන්ද විමසීමකින් තොර පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

තව කියවන්​න