- ගම්පහ සුසාන භූමියකින් ටී 56 ගිනි අවියක් සොයා ගැනේ
- උස්වැටකෙයියාව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
Author: Anura Premakumara
දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගය ලකුණු 111න් ජය ගැනීමට සංචාරක ඕස්ටේරලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේරලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 226ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 115ක් පමණයි.
අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට දිනයේ බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව ලක්ෂ 6ක පමණ ප්‍රතිලාභීන් පිරිසකට මෙම මුදල් ලබා දීමට කටයුතු කරන බවයි එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා සදහන් කළේ. මේ අතර විරෝධතා හා අභියාචනා මේ වනවිටත් පරීක්ෂා කරමින් පවතින බව කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් සදහන් කළා.
සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකගතාවය දක්වා ඇති අතර ඒ සදහා අවශ්‍ය අරමුදල් ලබාදීමටද එකගතාවය දක්වා තිබෙනවා. අම්පාර ප්‍රදේශයේ මෙම සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අමාත්‍යවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Andrew Traveller මහතා අතර අද උදෑසන පැවැත්විණි. මෙම මධ්‍යස්ථානය පිහිටුවිමට අදාලව දෙරට අතර අවභෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර අදාල අවභෝධතා ගිවිසුම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සමාලෝචනයට ලක් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතයි. අම්පාරේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාලයට…
ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. සිදුකළ විනය පරීක්ෂණයෙන් පසු මාස 3කට ඔහුව එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමටයි තීරණව කර ඇත්තේ. ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස බලකරමින් ස්පාඤ්ඤය තුළ විරෝධතාවක් ද ආරම්භ කර තිබුණා. ඒ නිමාවූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී ඔහු විසින් ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක්කළ අවස්ථාවේ විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙන්.
කොටුව – කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනයේ නිරත පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ – කොටුව බස් රථ සේවක සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා සඳහන් කළේ, බස් රථ ධාවන මාර්ගයක් සංශෝධනය කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවයි. අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඊට විසඳුම් නොලැබුණහොත්, තවත් මාර්ග රැසක සේවකයින් ද වර්ජනයට සහය දක්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති සදහන් කර තිබෙනවා.
මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් ඉදිරි සතියේ දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල පාසල් නොපැවැත්වීමට තීරණය කර ඇති බවයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා ප්‍රකාශ කලේ. පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් පාසල් පැවැත්වීමට කටයුතු කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියා .
රුමේනියාවේ, ගෑස් පිරවුම් හළක් ආශ්‍රිතව සිදු වූ පිපිරීමකින් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයින් 33 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. එම ස්ථානයේ පිපිරීම් දෙකක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ගිනි නිවීම සඳහා එම ස්ථානයට රථ 25ක් පමණ යොමු කර තිබෙනවා. අදාළ ස්ථානයේ තවත් ගෑස් ටැංකියක් පිහිටා ඇති අතර එය ඉතා අවදානම් මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ .
මට්ටක්කුලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු , පාසල් ශිෂ්‍යයකු සහ ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු මට්ටක්කුලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. දෙපාර්ශවයක් අතර හටගත් ගැටුමකින් පසු මෙම ඝාතනය සිදුවී ඇති බවයි සඳහන්.
උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව සඳහා 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. වෘත්තිය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල් 525 න් තෝරාගත් පාසල්වලට ඇතුළත් වීම සඳහා සිසුන්ට මෙම අයදුම්පත් යොමුකළ හැකියි. මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කරගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත් භාවය අදාළ නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. ඒ අනුව වෘත්තිය විෂය ධාරාව යටතේ 12 වන ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර 13 වන ශ්‍රේණිය සඳහා වෘත්තිය විෂයන් කිහිපයක් යටතේ එන්.වී.කිව් හතරවන මට්ටමේ වෘත්තිය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබෙනවා.
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි වකුගඩු රෝහලෙහි සිව් මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන පුද්ගලයකු සියාදිවීහානි කරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වැලිඔය නිකවැව දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් එක් හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තාවන්නේ. රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කරගෙන ඇති අතර එයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222