Author: Anura Premakumara
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා . දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මහනුවර, නුරඑළිය දිස්ත්‍රික්කවල තද වැසි ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා . එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…
පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තෝරාගත් පාසල් 100 ක ප්‍රාග්ධන වෙළදපළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී අද ආරම්භ වුණා. මේ, එම උත්සවයේදී ඒ පිළිබද අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. මේ, ඒ පිළිබද වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.
එළඹෙන මහා කන්නයේ වී වගාව ආරම්භ කිරීමට පෙර නියගය හේතුවෙන් යල කන්නයේ කුඹුරුවලට සිදු වූ වගා හානියට අදාල වන්දි මුදල් ලබා දෙන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඉල්ලා සිටිනවා. ඔක්තෝබර් මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක් තුළදී සියලුම ප්‍රදේශවල මහ කන්නයේ වී වගා කටයුතු ආරම්භ කිරීම සදහා ගොවීන් උනන්දු කළ යුතු බවටයි කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලුම අංශ තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් වගා කටයුතු ආරම්භ කිරීමට පෙර ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බවටයි නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
ආනයනික තිරිගු පිටි බලපත්‍ර ක්‍රමය අත්හිටුවීමත් සමග කිලෝග්‍රෑමයක් මත පැනවූ තිරිගු පිටි බද්ද රුපියල් 16 සිට රුපියල් 27 දක්වා ඉහළ දැමීමට රජය පසුගියදා තීරණය කළා. මේ අනුව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ ආනයනික තිරිගු පිටි බදු වැඩි වීම බේකරි කර්මාන්තයට බලපෑමක් නොවන බවයි.
පාසල් කාලසීමාව උදෑසන 8 සිට පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත ඉදිරිපත් කර ඇති බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ගාල්ල, ජාගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාසල් සිසුන් ක්‍රීඩාව සදහා උනන්දු කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.
අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ලබා දී ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියා. ග්‍රාම නිලධාරිවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස පළමු වනදා සිට 3 වන දා දක්වා තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද සදහන්. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ. එමෙන්ම ගිගුරුම්…
ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ගුණාත්මක ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමේ දී පවතින ගැටලු හඳුනාගැනීම ඇතුළු කරුණු විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව මෙම ජනතා අදහස් ලබාගැනීම සිදුකරනු ලබනවා. ඒ අනුව ඕනෑම පාර්ශවයකට මෙරට ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටලු, යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. අදාළ අදහස්, යෝජනා, නිර්දේශ ලබන මස 13 වන දිනට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතු වනවා.
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 139ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 143ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනු ලැබුවා.
පවතිව වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස ඊයේ දිනය වන විට ලක්ෂ 03 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වියළි කාගගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 19ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 83ට අයත් පවුල් 89,085ක පුද්ගලයන් තුන් ලක්ෂ 6,934ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. මේ අතර, පානීය ජල හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට දෛයිනිකව බවුසර් රථ 200ට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් ජලය බෙදා හරින බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222