Author: Anura Premakumara
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ සමාගම පැවසුවේ මිල සුත්‍රයට අනුව නව සංශෝධනය සිදුකරන බවයි. අනිද්දා දිනයේදී ද නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව බස් ගාස්තු සියයට 4.01කින් ඉහළ දමනු ඇති. කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි ජාතික ගමනාගමන මණ්ඩලය සදහන් කළේ. එමෙන්ම නව ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගි මාර්ග බස් ගාස්තු ද ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග පැවැති සාකච්ඡාවෙන් පසුව බස් සංගම් නියෝජිතයින් මෙලෙස මාධ්‍යට අදහස් පලකළා.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ගොඩනැගිල්ලක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් අතර ළමුන් 12 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ගින්න හේතුවෙන් තවත් 50ට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ගින්න හටගත් මෙම ගොඩනැගිල්ල තුළ අප්‍රිකානු රටවලින් පැමිණි ලේඛනගත නොවූ සංක්‍රමණිකයන්ද සිට ඇති බව සදහන්. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවට එම ස්ථානයට පැමිණි එරට ජනාධිපති සිරිල් රම්පෝසා සදහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයෙන් කඩුළු 05ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 164ක්. එහිදී නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 89ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 32ට කඩුළු 4ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 19ට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ ලකුණු 165ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එහිදී අගනා ඉදිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක නොදැවී ලකුණු 62ක් සහ සදීර…
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 361 ක්. එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417 ක වනවා. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35න් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 341ක්. එමෙන්ම රුපියල් 359ක් දක්වා ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දැමීමටද කටයුතු කර තිබෙනවා. එමෙන්ම භූමිතෙල් ලීටරක මිල රුපියල් 5 කින් වැඩි වී ඇති අතර…
මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථකව පවත්වා නිමා කළ බව දැක්වෙන සංදේශය සාම්ප්‍රදායනුකූලව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදියි. මේ අදාළ සන්දේශය භාර දෙමින් අදහස් පලකළ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා. මෙහිදී පෙරහර සදහා සහභාගි වූ ශිල්පීන් වෙත ජනාධිපතිවරයා විසින් ත්‍යාග ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරුණා. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිමාවු ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබද මෙලෙස අදහස් පලකළා.
වාණිජ විෂය හදාරණ දරුවන්ට බැංකු ශේත්‍රය තුළ ප්‍රයෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා . ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් . මේ අතර ලංකාව තුළ පරිවර්තනීය අධ්‍යාපනයක් අවශ්‍ය බවටයි ඒ මහතා වැඩි දුරටත් කියාසිටියේ .
වියළි කාලගුණයෙන් දිවයින පුරා විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 54,810ක් බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසනවා . වැඩිම හානියක් වාර්තා වන්නේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් . එම දිස්ත්‍රික්කයේ විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 15,923 ක් වනවා . මේ හේතුවෙන් අක්කර 344 කට වැඩි ප්‍රමාණයක් අනෙකුත් බෝග වගාවන් ද විනාශ වී තිබෙනවා .
අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් අද දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා . එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ, ලක්ෂ 6ක පමණ ප්‍රතිලාභීන් පිරිසකට මෙය ලබා දෙන බවයි . මේ දිනවල අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ කටයුතු ද මේවනවිට සිදුවන බව සදහන් . විරෝධතා හා අභියාචනා මේ වනවිටත් පරීක්ෂා කරමින් පවතින බව කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් කියාසිටියා . පළමු අදියරේදී පවුල් ලක්ෂ 8 ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය හිමිවු අතර ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් පසුගිය 28 දින බැංකු වෙත නිකුත් කරනු ලැබුවා .
සෞඛ්‍ය අමාත්‍යංශයේ දුෂිත නිලධාරී පැලැන්තියක් විසින් එම ශ්‍රේස්ත්‍රය විනාශ කරමින් පවතින බවට සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර රහුමාන් මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළ කලේ කොළඹ පැවති මාධ්‍ය හම්වකට එක්වෙමින් . මේ අතර බාල ඖෂධ මෙරටට ගෙන්වා ඇති බවට පිළිගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවසනවා. මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සභාපතිවරයා පැවසුවේ පසුගිය කාලයේ මෙරට ගැටළුවක් බවට පත් වූ අක්ෂි කාච සඳහා ලබා දුන් ඖෂධය මෙරටට ආනයනය කළ බාල ඖෂධයක් බවයි. එමෙන්ම සභාපතිවරයා පැවසුවේ ඖෂධ නිසා සිදුවූ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාවලියක් සිදුවන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222