Author: Anura Premakumara

කුකුල් මස් කිලෝග්‍රෑමයක් අද දිනයේ සිට රුපියල් 1250කට වඩා අඩු මිලකට සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ, අනුව වැඩි මිලකට කුකුල් මස් අලෙවි කරන සුපිරි වෙළඳසැල් සම්බන්ධයෙන් 0712 73 26 79 යන දුරකථන අංකයට දැනුම්දිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කුකුල් කර්මාන්තයේ යෙදෙන සියලුම සංවිධාන සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව ප්‍රකාශ කළා .

තව කියවන්​න

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. එහිදී ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරගවැදීමට නියමිතයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 03ට ආරම්භවීමට නියමිතයි. මේ අතර ආසියානු කුෂලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් මිල ගණන් අඩු කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන තරගය නැරඹීම සදහා ශ්‍රී ලංකා ක්‍රිඩා ලෝලින්ට ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1500කට මිලදී ගැනීමට අවස්ථාව හිමිවනවා. අදාළ ප්‍රවේශ පත්‍ර මහනුවර බලගොල්ල අභීත ක්‍රිඩාංගනයේදී සහ කොළඹ විද්‍යා මාවතේ පිහිටුවා ඇති ප්‍රවේශ පත්‍ර කවුළු තුළින් ලබා ගත හැකියි.

තව කියවන්​න

සූර්යයා පිළිබද අධ්‍යනය කිරීම සදහා ඉන්දියාව අද නව චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දිය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය සදහන් කළේ ආදිත්‍ය එල් වන් චන්ද්‍රිකාව අද කක්ෂගත කරන බවයි. ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි ඉන්දියාවේ ප්‍රධානතම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ලසතීෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව ඇත්තේ. මෙම චන්ද්‍රිකාව මගින් අභ්‍යවකාශයේ සිට සූර්යයාගෙන් ඇති වන සුර්ය කුණාටු ඇතුළු අභ්‍යවකාශ කාලගුණයට ඇති වන බලපෑම පිළිබඳව අධ්‍යයනය කිරිමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

පවතින වැසි සහිත කාලගුණ නිසා දිස්ත්‍රික්කය හතරකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රත්නපුරය, ගාල්ල,කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වෙත මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේනවා . මෙම ප්‍රදේශ වල ජනතාව වැසි සහිත අවස්ථා වලදී දැඩි අවධානයකින් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ. මේ පළාත් කිහිපයකට අද මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව , දකුණ , මධ්‍යම සහ වයඹ පළාත්වල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

තව කියවන්​න

ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා තිබෙනවා. අදාළ සංචාරය සිදුකෙරෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කළේ. දෙදින නිල සංචාරක් සදහා ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා. දෙරට අතර පවතින ආරක්ෂක සබදතා පිළිබද ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරයේදී අවධානය යොමු කිරීමට නියමිතයි. මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට සේන්දු වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම සිදුකළා. අදාළ නෞකාව නැරඹීමට පාසල් ළමුන්ට ද අවස්ථාව ලබා දී තිබෙනවා.

තව කියවන්​න

කැළණිමුල්ල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ හදිසි මාර්ග බාධක පරීක්ෂාවකදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ. වෙඩි ප්‍රහාරය හමුවේ සැකකරුවන් දෙදෙනා පළාගොස් තිබෙනවා. මේ අතර ඊයේ මාලිගාවත්තේදී සිදුවු වෙඩි තැබීම කෙසෙල්වත්තේ දිනුක නැමති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශවයෙන් සිදුකර ඇති බවට පොලිසිය සැකපලකරනවා. පංචිකාවත්තේ නෙවිල් නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා තිබුණා. මාලිගාවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

තව කියවන්​න

අවිස්සාවේල්ල – කොළඹ පරණ පාර භාවිත කරන රියදුරන්ට පොලිසිය විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. අද පැවැත්වෙන නවගමුව පත්තිනි දේවාලයේ පෙරහැර හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. එම පෙරහැර අද රාත්‍රි 07 සිට අළුයම 1.30 දක්වා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම හෙට උදෑසන 09 සිට මධ්‍යහන 12 දක්වා දියකැපීමේ පෙරහැර එම මාර්ගයේ ගමන් කරනු ඇති. මේ හේතුවෙන් එම කාලසීමාව තුළ අවිස්සාවේලල් – කොළඹ පරණ පාර වෙලේ හංදියේ සහ රණාල හන්දියෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා. ඒ අනුව කොළඹ සිට හංවැල්ල දෙසට ගමන්කරන රථවාහන කඩුවෙල වෙලේ හන්දියෙන් දකුණට හැරී වඳුරමුල්ල, ඔරුවල හන්දිය, හබරකඩ, ජය මාවත රණාල හන්දිය දක්වා…

තව කියවන්​න

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ අලෙවිසැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් කඹුරුපිටිය නගරයේ ඇති ආපන ශාලා, වෙළෙඳසැල් මෙන්ම, මස් හා මාළු, අලෙවි කරන ස්ථාන ද හදිසියේ පරික්ෂාවට ලක් කර තිබුණා. එහිදී වෙළෙඳසැල් 34කට ආසන්න සංඛ්‍යාවක් පරික්ෂාවට ලක්කර ඇති අතර ඒ අතුරින් 20ක මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කර තිබෙනවා. ඒ අනුව එම වෙළදසැල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ. නරක් වූ මාළු ගබඩා කළ අබලන් ශීතකරණයකට සීල් තැබීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

සමනළ වැවේ සිදුවන ජල කාන්දුව නැවැත්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර සපුගස්කන්ද පිරිපහදුව දින 20ක කාල සීමාවකට නිෂ්පාදන කටයුතුවලින් බැහැර කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. සපුගස්කන්ද පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්පේරකවල සක්‍රියතාව යළි යථා තත්ත්වයට පත්කර ගැනීම මෙහි අරමුණයි. ඒ අනුව ලබන 18 වනදා සිට ඔක්තෝම්බර් 8 වනදා දක්වා පිරිපහදු නිෂ්පාදන කටයුතුවලින් බැහැර කිරීමට සිදුවන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ. අත්‍යවශ්‍ය තාක්ෂණික කටයුතුවලින් අනතුරුව සැලසුම්කළ පරිදී ලබන මස 8 වනදා සිට නැවත පිරිපහදුව නිෂ්පාදන…

තව කියවන්​න

ගාල්ල බන්ධනගාරයේ රැදවියන් ආසාදනය වු වෛරසය පිළිබද මුලික පරීක්ෂණ අවසන් වී තිබෙනවා. ඒ පිළිබද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා. ඔහු කියා සිටියේ ගාල්ල බන්ධනාගාරයේ එක් රැදවියෙකුට පමණක් මෙනින්ගොකොකල් බැක්ටීරියාව ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.

තව කියවන්​න