Author: Anura Premakumara
පසුගිය අරගල සමයේදී මිරිහාන ප්‍රදේශයේදී යුධ හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්දියට සම්බන්ද සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ. අදාළ පුද්ගලයා වයස අවුරුදු 33ක් වන මහියංගනය පූජා පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් . කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන බවයි.
මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. කන්ටේනර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ. අනතුරින් මියගොස් ඇත්තේ 45 හැවිරිදි මවක් සහ ඇයගේ විසි හැවිරිදි පුත්‍රයා බවයි වාර්තවාන්නේ. මොවුන් මිනුවන්ගොඩ මැඩෑමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පොලිසිය විසින් කන්ටේනර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පොල් දිනය අදට යෙදී තිබේනවා. ඊට සමගාමීව මෙරට දෙවන පොල් ත්‍රිකෝණය ලෙස උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද (02) පෙරවරුවේ සිදුකෙරුණා. ජාත්‍යන්තර පොල් දිනය යෙදී ඇති අද දිනයේ ඊට සමගාමීව උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද පෙරවරුවේ යාපනය, පලෙයි ආදර්ශ පොල් උයනේ දී සිදුකෙරුණා. මන්නාරම, යාපනය හා මුලතිව් යා කරමින් මෙම නව පොල් ත්‍රිකෝණය ඇති කර තිබේ.
ජපානය හා ශ්‍රීලංකාව අතර ද්වී පාර්ශ්වික සහයෝගීතාව හා ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජපාන පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සාකච්ඡාවට එක්වුණා. ජපානය ශ්‍රීලංකාවේ සමීපතම මිතුරෙකු වන අතර කඩිනම් සංවර්ධනයක් සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් ආධාර ලබා දෙන බවයි සාකච්ඡාවට එක්වූ ජපාන පාර්ලිමෙන්තු මන්ත්‍රි නකානිෂී යුසුකේ ප්‍රකාශ කළේ.
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද සම්බන්ධ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක් විදුලිබල මණ්ඩලයේ බොහෝ බලාගාරවල ඒකක පිරිවැයට වඩා අඩු බවත් අමාතයවරයා සදහන් කළා. පෞද්ගලික විදුලි සැපයුම් සමාගම් දෙක වන ඒ.එස්. මාතර බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 55 කට සහ ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 54 කට මිලදී ගන්නා බව ද විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ විදුලිබල මණ්ඩය සතු කැලණිතිස්ස බලාගාරයේ විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 143 ක් වැය වන බවයි .
සෙඕලා” සුළි කුණාටුවෙන් චීනයේ දකුණු දිග ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ වන විට සුළි කුණාටුව, එරට දකුණු දිග ” ග්වංඩොං” පළාතට ඇතුළු වී ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා කරන්නේ. සෙඕලා” සුළි කුණාටුව හේතුවෙන් චීනයේ දකුණු දිග වෙරළබඩ ප්‍රදේශ මිලියන සංඛ්‍යාත පිරිසකගේ ජන ජීවතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. බලධාරින් පවසන්නේ. එරට නැගෙනහිර ”ෆුජියෑන්” පළාතේ ලක්ෂයකට අධික පිරිසක් මේ වන විටත්, ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි . සුළි කුණාටුව මේ වන විට පැයට කිලෝ මීටර 145 ක වේගයකින් හමා යමින් පවතින බව, චීන කාලගුණ විද්‍යා අංශ සඳහන් කරනවා. එරට ගුවන් ගමන් සිය ගණනක් ද අවලංගු කර ඇති…
සිංගප්පූරු ජනාධිපතිවරයා ලෙස තර්මාන් ෂන්මුගරත්නම් තේරීපත්ව තිබෙනවා. ෂන්මුගරත්නම් 70. 4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. පාලක පීපල්ස් ඇක්ෂන් පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔහු ආර්ථික විද්‍යාඥයෙකු ද වනවා. ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඔහු හිටපු උප අගමැතිවරයෙකු මෙන්ම මුදල් සහ අධ්‍යාපන ඇමතිවරයෙකු ලෙසද කටයුතු කළා. 66 හැවිරිදි ඔහු සිංගප්පූරුවේ උපත ලබා තිබුණද ඔහුගේ සීයා ශ්‍රී ලාංකිකයෙකු බවයි වාර්තාවන්නේ.
ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුන ඖෂධ වර්ග 378 ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බවයි. කෙසේ වෙතත් රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව, ඔහු ප්‍රකාශ කලා. මේ අතර ජනවාරි මාසේ සිට මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කල වෛද්‍යවරුන්ගෙන් 40ක පමණ ප්‍රමාණයක් රටින් පිටව ගොස් ඇති බව වෛද්‍ය උපුල් ජයතිලක මහතා පවසනවා . මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා .
‘මෙනින්ගොකොකල්‘ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ගාල්ල බන්ධනාගාරයේ එක් පුද්ගලයෙකුට පමණක් මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව පරීක්ෂණ හරහා තහවුරු වී ඇති බවයි. එමෙන්ම කොළඹින් වාර්තා වූ අනෙක් රෝගියාත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව සදහන්. ඇතැම් මාධ්‍යය හරහා ‘මෙනින්ගොකොකල්‘ බැක්ටීරීයාව ආසාදනය කොළඹටත් පැතිර ඇති බවට වැරදි මත ප්‍රචාරය කරන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා . ඔහු පැවසුවේ, මෙම රෝගය වැළඳුණ රෝගීන් මීට පෙර වසරවල ද…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ඒ, අනුව මෙම සංවත්සර සැමරුම හෙට දිනයේ බත්තරමුල්ල තලවතුගොඩදී පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂය නිවේදනය කරන්නේ. “එක්වෙමු – වෙනසකට සැරසෙමු” යන්න මෙවර නිදහස් පක්ෂයේ සංවත්සර සැමරුමේ තේමාව වී තිබෙනවා. ඒ, අනුව මෙවර සංවත්සර උත්සවය එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්ෂයේ ප්‍රධානීන්, දිස්ත්‍රික්, ආසන සංවිධායකයන්, කාන්තා සංවිධානය, තරුණ සංවිධානය ඇතුළු පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් හෙට පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි. සංවත්සර සැමරුම මීට පෙර හෙට්ටිපොළ දී පැවැත්වීමට තීරණය කර තිබුණ ද පවතින තත්ත්වය හමුවේ පසුව එය කොළඹ දී පැවැත්වීමට තීරණය කෙරුණා. මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222