Author: Anura Premakumara
පැමිණිලි විභාග කිරීමේදී පොලිසිය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා. ඔහු කියා සිටියේ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අවස්ථාවක ඊට මැදිහත් නොවී සිටිමට පොලිසියට හැකියාවක් නොමැති බවයි. පාර්ලිමේන්තුවේදී පැවැති මහජන ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. සමාජය තුළ සංවිධානාත්මක අපරාධ සැලකියයුතු ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් අදාළ කාරක සභා සමාජිකයින් කරුණු විමසා සිටියා.
ජාතික ඉන්ධන අවසරපත් හෙවත් කිව් ආර් ක්‍රමවේදය උසස් තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. භාවිතයෙන් ඉවත් කළ මෙම කිව් ආර් ක්‍රමවේදය දත්ත එක් රැස් කිරීම හා විශ්ලේෂණය වෙනුවෙන් මෙවලමක් ලෙස යොදා ගන්නා බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ. ජාතික ඉන්ධන අවසරපත් කිව් ආර් ක්‍රමවේදය පසුගිය වසරේ අගෝස්තු මස හඳුන්වා දීමේ අරමුණ වුයේ ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ තුළින් පැවති සමාජීය සහ ආර්ථික ගැටළු කළමනාකරණය කර ඇතිව තිබූ අර්බුදයන් අවසන් කිරීමට මෙන්ම ජන…
හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බිද දැමීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් . සැලසුම් සහගතව තුන්වන පාර්ශවයක් විසින් අදාළ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කල බවද ඒ මහතා මෙහිදී කියා සිටියා .
බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් පැයට කිලෝමීටර 45 ක් දක්වා තරමක තද සුළං ඇතිවිය හැකියි. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා . එමෙන්ම නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් හතරකට නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ කළුතර…
2023 වසරේ ලොව ‘ඒ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට මෙරට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාවද නම්කර තිබෙනවා . ඒ මහතාව මෙම ලැයිස්තුවට ඇතුලත් කර ඇත්තේ ඇමරිකාවේ ” ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව ” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුවයි. උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය ආදී සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් අදාළ සඟරාව විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබනවා . මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඒ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපතිවරයාටයි .
මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331 ක මුදලක් උපයාගෙන ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පවසනවා. ඒ මහතා පවසන්නේ පසුගිය මාස 08 තුළ දී පමණක් මෙම මුදල උපයාගෙන ඇති බවයි. එම අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායකයා සමත් වුනා. ඒ අනුව, ඉන්දීය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා. තරගාවලියේ ”ඒ” කාණ්ඩයෙන් තරගවදින ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය මෙය වන අතර පාකිස්තාන කණ්ඩායම සිය පළමු තරගයේදී නේපාල කණ්ඩායම පරාජය කරමින් විශිෂ්ට ජයක් හිමිකර ගත්තා. 2019 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය සහභාගී වන පළමු එක්දින තරගය මෙය වීම විශේෂත්වයකි. අවසන් වරට පැවති තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා .
ඖෂධ සඳහා වන සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ. ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා දැනුම් දී ඇත. ඒ හරහා ඇතැම් ඖෂධ සැපයීමේ දී පවතින ඒකාධිකාරීත්වය වෙනුවට තරගකාරීත්වයක් ඇති වෙමින් ඒ තුළ ඖෂධ හිඟය හා මිල ඉහළ යාම වැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහි දෙවන පන්දුවාර 20යි 20 තරගයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගන්නට ඔස්ටේ්‍රලියාව සමත් වුණා. ඩර්බන් හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 164ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ටේ්‍රලියාව පන්දුවාර 14 යි පන්දු 5ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 168ක් ලබා තරගය ජයග්‍රහණය කළා. නායක මිචෙල් මාර්ෂ් පන්දු 39කදී නොදැවී වේගවත් ලකුණු 79ක් රැස් කළා.
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා. කුඩා වැව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම ඊට හේතුවයි. පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222