Author: Anura Premakumara

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේම රෝහල් ගත කර තිබෙනවා. ආහාර විෂ වීමක් හේතුවෙන් අමාත්‍යවරයා මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වනවා.

තව කියවන්​න

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට අද (03) දින උදැසන සිට අධික වැසි පතිත විම හේතුවෙන් කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල ගොස් තිබෙනවා. කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව කොටියාගල වතු නිවාසවලට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා. කෙසෙල්ගමුඔයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් කෙසෙල්ගමුඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් වන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ නිලධාරින් පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ඹධ්‍යඹ කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජලපෝෂක  ප්‍රදේශවලට අගෝස්තු ඊයේ (02) දින රාත්‍රීෙය් සිට අධික වැසි ඇද හැලෙමින් පවතිනවා. කෙසේ වෙතත් ඇද හැලෙන අධික වැසි, ජලාශවල පහල බැස ඇති ජල මට්ටම ඉහල යාමට තරම් ප්‍රමාණවත් නොවන බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටින්නේ. කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව 60% දක්වා පහල බැස ඇති බවත්, දැනට ජලාශ දෙකේම පවතින ජල ධාරිතාවෙන් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරෙවල විදුලි උත්පාදනය කරන බවයි විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

තව කියවන්​න

පකිස්ථානයේ නගර රැසක වෙළෙඳුන්, සිය වෙළෙඳසැල් සහ කඩ සාප්පු වසා දමමින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති විදුලිය බිල්පත් ගාස්තු සහ බදු හේතුවෙනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ. පකිස්ථානය මේ වන විට දැඩි මූලය අර්බුධයකට ලක්ව තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලාංකික අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසකට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයකු ඉන්දීය මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා දොම්ලූර්හි කුමාර් නැමැති පුද්ගලයකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් පළාවිත් ඉන්දියාවේ බැංගලෝර් හී රැඳී සිටි ශ්‍රි ලාංකිකයකුට ඕමානයට පළායාම සඳහා ආධාර අනුබල ලබා දී ඇති බවට ඉන්දීය පොලිසීය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

තව කියවන්​න

තද සුළං සහ මුහුද රළු වීම පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන ලෙස එම නිවේදනයේ සදහන්. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර දකුණු පළාතට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගංගා දෙකක ජල මට්ටම් ඉහළගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි. අකුරැස්ස ප්‍රදේශයට දින දෙකක සිට තද වර්ෂාපතනයක් ලැබෙන අතර මේ හේතුවෙන් නිල්වලා ගග පිටාර මට්ටමකට…

තව කියවන්​න

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි. පාකිස්ථානයේ ලාහෝර් ගඩාෆි ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගි වන පළමු තරගය මෙයවනවා. බංග්ලාදේශ කණ්ඩායම මුහුණදුන් පළමු තරගය ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වුණා.

තව කියවන්​න

ආසියානු කුසලනයේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය අත්හැර දැමුණා. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට ඉනිමේ මුල් භාගයේදී දැඩි පීඩනයක් එල්ල කිරීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත්වුණා ඉන්දීය මුල් පෙල පිතිකරුවන් සිවේදෙනෙකු ලකුණු 66ක් තුළ දවා ගන්නට පාකිස්ථාන පන්දු යවන්නන්ට හැකිවුණා. ඒ අනුව ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 266ක් ඉෂන් කිෂන් පන්දු 81කදී ලකුණු 82ක් රැස් කළා. හර්දික් පාණ්ඩ්‍යා පන්දු 90කදී ලකුණු 87ක් ලබා ගත්තා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශහීන් ෂා අෆ්රිඩි ලකුණු…

තව කියවන්​න

හොංකොං මැකාවූ දිවයින්වලට බලපෑ සාඕලා සුළි කුණාටුව චීනයට ඇතුළු වී තිබෙනවා දකුණු චීනයේ ග්වැන්ග් ඩින්ග් පළාතට ඇතුළුවූ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඊයේ දිනයේ පමණක් ග්වැන්ග් ඩොන්ග් හි ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කෙරුණා. චීනයේ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවිය හැකි ප්‍රදේශවල පාසල් , අනෙකුත් ආයතන මෙන්ම ව්‍යාපාරික ස්ථාන මේ වන විටත් වසා දමා තිබෙනවා. සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200කට අධික වේගයකින් හමායන බවයි වාර්තා වන්නේ. හොංකොං දූපතට 1949 වසරෙන් පසු එල්ලවූ දරුණුතම සුළිකුණාටුව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත් වුණා. ඒ, සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18ක් තුළ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 104ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 13 යි පන්දු 2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 110ක් ලබා එම ඉලක්කය පසුකරයන්නට සමත් වුණා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු…

තව කියවන්​න