Author: Anura Premakumara
බියගම උදාහරණයක් ලෙසගෙන රටම ආයෝජන කලාපයක් බවට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ඉදිරි වසර 15-20 තුළ රට තුළ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැරූ සියලු තනතුරුවලින් තමා ඉවත් කර ඇති බවට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දී ඇති බව දයාසිරි ජයසේකර මහතා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් තමන් තවදුරටත් පක්ෂපාතිව කටයුතු කරන බවද දයාසිරි ජයසේකර මහතා එම ටුවිටර් පණිවුඩයෙන් දන්වා තිබෙනවා. එමෙන්ම දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පක්ෂ සභාපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් අද පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවයි. පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුත් ලිපියක් දයාසිරි ජයසේකර මහතා වෙත යොමු කරමින් අදාළ තහනම් කිරීම සම්බන්ධයෙන් දැනුවත්…
නැගෙනහිර තායිවානයට සුළි කුණාටුවක අවධානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් නැගෙනහිර තායිවානයේ 3,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ. එම සුළි කුණාටුව පැයට කිලෝමීටර 140 වේගයෙන් හමා යන බවයි වාර්තා වන්නේ. හයිකුයි ලෙස නම් කර ඇති මෙම නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට තායිවානයේ අභ්‍යන්තර ගුවන් ගමන් 200 ක් පමණ අවලංගු කර තිබෙනවා. එමෙන්ම ඉදිරි දින දෙක තුළ පාසල් සහ කාර්යාලද වසා දැමීමට ද බලධාරීන් කටයුතු කරනු ඇති. මෙම සුළි කුණාටුව වසර හතරකින් තායිවානයට බලපාන දරුණුම සුළි කුණාටුව විය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් ලබන 06 වනදා කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ලබන සතිය තුළ ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනිද්දා දිනයේ වරාය අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි. ලබන 08 වන දින කළුබෝවිටියාව තේ කර්මාන්ත ශාලාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
විද්‍යාපීට සියල්ල ඒකාබද්ධ කරමින් නව විශ්වවිද්‍යාලයක් ගොඩනගන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින විශ්වවිද්‍යාලයක් ගොඩනැගිම අපේක්ෂාව බවයි සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ. 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළා.
රට ස්ථාවර තත්වයකට පත් වන තුරු සියලු ජනතාවට යම් යම් කැපකිරීම් කිරීමට සිදුවන බව එක්සත් කල් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පවසනවා. ඇය සඳහන් කරන්නේ ඉන්දන මිල ඉහල යන අවස්තාවලදී අනවශ්‍ය ගමන් බිමන් සිමා කරමින් ජනතාව රජයට සහය පල කල යුතු බවයි. කොළඹ පවතී මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කලා. මේ අතර කිව් ආර් ක්‍රමවේදය ඉවත් කිරිමට රජය ගත තීරණය සම්න්බන්දව ස්තුතිය පල කරන බවයි පිරවුම්හල් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා සඳහන් කලේ. එමෙන්ම විදෙස් ඉන්දන පිරවුම් හල මෙරට තුල ස්ථාපිත කිරීම හේතුවෙන් යලිත් වරක් පෝලිම් යුගයක් ඇති නොවන බවයි ඒ මහතා කියා සිටියේ. මාධ්‍ය හමුවකදී අදහස්…
කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මෙහිදී කුකුළු මස් ආනයනය පිළිබද එම කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ. හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වනදා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව දැක්වෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සැප්තැම්බර් 18 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වෙනු ඇති. ලෝක නායකයින් ගෝලීය අර්බුධයට මුහුණ දීමේ සුදානම සහ තිරසර සංවර්ධනය සදහා වු 2030 න්‍යාය පත්‍රය පිළිබද මෙහෙිදී සාකච්ඡා කිරීම නියමිතව තිබෙනවා.
රජය වී මිලදි ගැනීම ආරම්භ කළද වී මිල ඉහළ ගොස් ඇති බව වී අලෙවී මණ්ඩලය පවසයි. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ පෞද්ගලික වෙළෙදුන් මණ්ඩලය නියමකළ මිලට වඩා වැඩියෙන් වී මිලදි ගන්නා බවයි. ඒ හේතුවෙන් ගබඩා විවෘත කළ ද ගොවීන් වී අලෙවී මණ්ඩලයට තම අස්වැන්න ලබා දීමේ අඩුවක් පවතින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා. මේ අතර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසිනුයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව එය…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් වෙනුවෙන් භාණ්ඩාගාරය සෑම විටම ප්‍රමුඛස්ථානය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 2023 අය වැය මගින් අවස්ථා දෙකකදී අනෙකුත් අමාත්‍යාංශවල මුදල් කපා හැර සෞඛ්‍යය අංශයේ වියදම් සදහා එකතු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. අත්‍යවශ්‍ය නොවන ඖෂධ ආනයනය සදහා රජය මුදල් යොදවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඊයේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222