Author: Anura Premakumara
එමිරේට්ස් හී අඩු වියදම් ගුවන් සේවය වන එයාර් ඇරබියා ලබන වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර සතිපතා ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබෙනවා. 2024 වසරේ ජනවාරි 03 වනදා සිට අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ගුවන් ගමන් ආරම්භ කරන බවයි එම ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත්තේ. මේ අනුව ශ්‍රී ලංකාව එයාර් ඇරබියා සමාගමේ 34 වන ගමනාන්තය වනු ඇති බව සදහන්.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පත් වී තිබෙනවා. එම සංසදය ඊයේ දිනයේ දී පළමු වරට රැස් වුණා. එහිදී චරිත හේරත් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කර ගැනීම සිදු කර තිබෙනවා. නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස මධුර විතානගේ සහ අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගෙන ඇති බව සදහන්. කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය ප්‍රථමයෙන්ම සාකච්ජාවක් සඳහා කැඳවීමටයි. එමගින් වර්තමානයේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව තොරතුරු හා දත්ත මෙන්ම එම කාර්යාලය ගෙනයන වැඩ පිළිවෙල…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පාසල් හතරක් තාවකාලිකව වසා දමා තිබෙනවා. නායයාම් සහ ගංවතුර අවාදනම හේතුවෙනුයි මෙලෙස අදාළ පාසල් සදහා නිවාඩු ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ඒ අනුව හොරණ අධ්‍යාපන කොට්ඨාශයේ බුලත්සිංහල හල්වතුර දෙමල විද්‍යාලය , පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලය සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලය මෙලෙස තාවකාලිකව වසා දමා තිබෙනවා. එමෙන්ම මතුගම අධ්‍යාපන කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යාලයද ගංවතුර අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 45න් සම්මත වුණා. ඊට අදාළ ඡන්ද විමසීමේදී අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමිවු අතර, කෙටුම්පතට විරුද්ධව හිමිවුණේ ඡන්ද 58ක් පමණයි. මෙහිදී සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය මෙන්ම, විමල් වීරවංශ, ජී.එල්.පීරිස්, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විරුද්ධව ඡන්දය භාවිතා කළා. මේ අතර පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන එනු ලැබූ විස්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සදහා වන විවාදය අද තෙවන දිනටත් පෙරවරු 09.30 සිට පස්වරු 5…
මෙම වසරේ පසුගිය මාස 03 තුළ පුද්ගලයින් 22 දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. එම කාල සීමාව තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධි සංඛ්‍යාව 42 ක් වන බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා.
සූඩානයේ නීත්‍යානුකූල හමුදාව සහ ආර්.එස්.එෆ් බලකාය අතර එල්ල කර ගත් මිසයිල ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාර හමුවේ තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම කණ්ඩායම් දෙක අතර සටන් පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ වූ අතර, ඒ හේතුවෙන් සිවිල් වැසියන් විශාල පිරිසක් රට අතහැර යාම සිදු කළා. මේ අතර ගුවන් යානා නාශක මිසයිල සහ කාලතුවක්කු වෙඩි තැබීම් සිදු කරමින් නිවාස වලට හානි කිරීම මෙන්ම නිවාස කොල්ලකෑම සම්බන්ධයෙන් ආර්.එස්.එෆ් බලකාය වෙත එරට සිවිල් වැසියන් චෝදනා එල්ල කර තිබෙනවා.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගයෙන් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 7න් පරාජයට පත් කරමින්. පාකිස්ථානයේ ලාහෝර්හීදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 193ක් රැස් කළා. එහිදී මුශ්ෆිකර් රහීම් ලකුණු 64ක් සහ නායක ශකීබ් අල් හසන් ලකුණු 53ක් රැස් කළා. පන්දු යැවීමේදී හරිස් රවුෆ් ලකුණු 19ට කඩුළු 4ක් සහ නශීම් ෂාහ් ලකුණු 34ට කඩුළු 03ක් බිඳහෙලීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 3ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 194ක් ලබා ගනිමින් තරගය…
පාස්කු ප්‍රහාරය සබම්න්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඇතිව ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි එහි දැක්වෙන්නේ. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ඊයේ නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙනවා.
සේවක අර්ථ සාධක අරමුදල් මත පනවන බදු පනත පරාජය කිරීමට එක්වන ලෙස ජාතික ජන බලවේගය පවසනවා. එහි නියෝජිත වසන්ත සමරසිංහ මහතා පැවසුවේ අද පස්වරු 03 ට අදාළ බදු පනතට විරෝධය දැක්වීමට පාර්ලිමේන්තු වටරවුමට ජනතාව පෙළ ගැසෙන බවයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.
විෂ ශරීර ගතවීම් හේතුවෙන් පසුගිය කාලය තුළ රෝහල් ගත වූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. පෙර වසරවල එම සංඛ්‍යාව පනස්දහසක් ලෙස වාර්තා වුවද 2019 වසරේ දී අසූදහසක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකෙරුණා. මේ එහිදී අදහස් දැක්වු කායික රෝග විශේෂඥ වෛද්‍ය ආර් ජයවර්ධන මහතා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222