Author: Anura Premakumara
එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලන සැමරුම් උත්සවය කල් දමා තිබෙනවා. ඊයේ පක්ෂ සභාපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. පක්ෂයේ 56 වන සැමරුම් උත්සවය ලබන 10 වනදා පැවැත්වීමට නියමිතව තිබුණා. පවතින අයපහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම සැමරුම් උත්සවය ඔක්තෝබර් 21 වනදා පැවැත්වීමටයි එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී අදළ සැලසුම්වලට දේශීය ණය ඇතුළත් කිරීම පිළිබද අවධානය යොමු කෙරෙනු ඇති. ඉදිරි සතියේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් , ලෝක බැංකු නියෝජිතයින් , ජී 20 කණ්ඩායම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි.
ආණ්ඩු වෙනස් වුවද , රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. කලින් කලට වෙනස්වන ප්‍රතිපත්ති සමග රටක් දියුණු කළ නොහැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ. මෙරට විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ කෙටුම්පත් මෙම වසර අවසන් වීමට පෙර සකස් කරන ලෙස අදාළ අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළා.
වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණු ඇතුළත් කරමින් සමගි ජන බලවේගය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද හතළිහකින් පරාජයට පත්විය. ඒ ඊට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පැවැති අවස්ථාවේදීයි. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 113ක් ලැබුණි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පරාජයට පත්විය.
දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සංචාරක ඕස්ටේරලියානු කණ්ඩායම කඩුළු 03ක ජයක් වාර්තා කිරීමට ඊයේ සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 225ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ටෙම්බා බවුමා නොදැවී ලකුණු 114ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ජොස් හේසල්වුඩ් ලකුණු 41ට කඩුළු 3ක් සහ මාකර්ස් ස්ටොයිනීස් ලකුණු 20ට කඩුළු 2ක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේරලියානු කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 2ක් අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 225ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. එහිදී ඕස්ටේරලියාව ජයග්‍රහණය කරා…
සැප්තැම්බර් 8 සිට 18 වනදා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වෙන ලෝක ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මිට්ටන් තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සුදුසුකම් ලබා තිබෙනවා. 2021 වසරේදී ද ලෝක බැඩ්මිට්ටන් ශූරතාවලිය නියෝජනය කළ සහන් ප්‍රදීප් විතාන මහතා හෙට දින මෙම තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෝක ශුරතා තරඟාවලියකට සහභාගිවන දෙවන අවස්ථාව ද මෙය වනවා. ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය නියෝජනය කිරීම සඳහා දිවයිනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු පිටත්වීමට නියමිතයි.
මාලි රජ්‍යයේ හමුදා කඳවුරකට සහ බෝට්ටුවකට සන්නධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු සහ හමුදා සෙබලුන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී එල්ල කළ ප්‍රති ප්‍රහාර හමුවේ සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයකයන් 50 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම බෝට්ටුව නයිජර් ගඟේ ගමන් කරමින් සිටියදී ප්‍රහාරය එල්ල කර ඇති අතර, එහිදී ජීවිත බේරාගත් පුද්ගලයන් එරට හමුදාව විසින් ගොඩබිමට රැගෙන ඒමටද කටයුතු කර තිබෙනවා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා එම තනතුරින් ඉවත් කිරීම විශාල පාවා දීමක් බව නිදහස ජනතා සන්ධානයේ නායකයින් පවසනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කෙරුණු දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ සාකච්ඡාවකට එක් වෙමින් එම සන්ධානයේ නායකයින් මේ බව සඳහන් කළා. මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙලෙස අදහස් පළ කළා. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. මේ අතර තමා පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එහිදී අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිළධාරී තනතුරු 4,000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මෙරට ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල් කරණය කිරීමේ වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222