Author: Anura Premakumara

සුරා බදු පනත යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ සුරාසැල් සඳහා බලපාන 902 නිවේදනයද යාවත්කාලින කිරීමට කටයුතු කරන බවයි. රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

තව කියවන්​න

කුකුළු මස් කිලෝග්රමයක් ඉදිරියේදී රුපියල් 1100ක් වැනි මුදලකට අලෙවි කල හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බවයි එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ. ඒ අනුව දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බවයි ඒ මහතා සඳහන් කලේ.

තව කියවන්​න

වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු දෙකේ දැරියගේ මළ සිරුරු මිහිදන් කිරීමෙන් සති දෙකකට පමණ පසුව සිරුර මිහිදන්කල ස්ථානයේ නොමැති බව පවසා දැරියගේ දෙමාපියන් විසින් සැප්තැම්බර් 08 වන  දින පොලීසියට පැමිණිල්ලක් දමා තිබෙනවා. පසුගිය අගෝස්තු 26 වනදා අවුරුදු දෙකක් වයසැති නෙලුක්කුලම් ප්‍රදේශයේ පදිංචි එල්. දිව්‍යා දැරිය, ඇගේ නිවසේ ගෙමිදුලේ පිහිට ජලටැංකිය අසල සෙල්ලම් කරමින් සිටියදී දැරිය ජල ටැංකියට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් තිබුණා. පසුව දැරියගේ මළසිරු රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියේදී අගෝස්තු 27 වන දින මිහිදන් කොට තිබූ අතර, සැප්තැම්බර් 8 වනදා උදෑසන කාලයේදී දැරියගේ ඥාතියෙකු විසින් අදාල සුසාන භූමිය වෙතට ගොස් සිදුකරන පරික්ෂාවකදී දැරිය මිහිදන්…

තව කියවන්​න

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා එළඹෙන 16 දා තෙක් අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සදහා නැවත කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සදහන් කළේ. විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී එක් විෂයයක් වෙනුවෙන් රු. 250ක මුදලක් ගෙවිය යුතුවනවා.

තව කියවන්​න

මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා . ඊයේ රාත්‍රියේ මෙම භූ කම්පනය හට ගෙන ඇති බව සදහන් . මෙම ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. එමෙන්ම පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා. සුන්බුන්වල සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමට සහන කණ්ඩායම් මෙහෙයුම් අකණ්ඩව සිදුකරමින් ඇති බව, එරට බලධාරීන් පවසනවා. භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය ”මැරකෑශ්” ප්‍රදේශයට නිරිත දෙසින් පොළොවේ සිට කිලෝමීටර 19 කට ආසන්න ගැඹුරින් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා . මේ අතර මැරකෑශ්” ප්‍රදේශයේ රික්ටර් මාපක 5කට වැඩි භුකම්නපයක් සිදුවී ඇත්තේ…

තව කියවන්​න

කූඨ ලෙස සකස් කළ පෝලන්ත නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ඔහු ඊයේ අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තව කියවන්​න

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ සිදුව තිබෙනවා. ඒ, ජී විස්ස සමුළුවට සමගාමීවයි. ජී විස්ස සමුළුව අද සහ හෙට ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙනවා. කෙසේ වෙතත් මෙම සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට පැන වූ මාස තුනක ගමන් තහනම ඉවත් කර තිබෙනවා. බහුදින ධීවර යාත්‍රාවන්හි සවි කළ වී එම් එස් යන්ත්‍ර හරහා ධීවර දෙපාර්තමේන්තුවට වාර්තා වූ මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට ගමන් තහනමක් පැනවා තිබුණා. කෙසේවෙතත් වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ධීවර ප්‍රජාවගෙන් ලැබුණු ඉල්ලීම් මත ඔවුන්ට සහනයක් ලබා දීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

තමන් වෙනත් කිසිදු පක්ෂයකට සම්බන්ධ වී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. තවදුරටත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරමින් සිටින බවයි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ. ඊයේ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙනආ විස්වාභංග යෝජනාව ජයග්‍රහණය කිරීමත් සමග රජය තවත් ශත්කිමත් වු බව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. මේ එහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා.

තව කියවන්​න