Author: Anura Premakumara

තමන් කිසිවිටෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාක්ෂිකයින් හැර නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා . නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් පසුගියදා ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ කුරුණෑගල, හෙට්ටිපොල පිහිටි සිය ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙනු ලැබුවා . එහිදී කුරුණෑගල පක්ෂ කාර්යාලයේදී එහි පැමිණ සිටි පිරිස අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා .

තව කියවන්​න

ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක නිවසක පදිංචිව සිටි තරුණියක් ඉහළ මහලයකින් පහළට වැටී මියගොස් තිබෙනවා. ඊයේ අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇති තරුණිය එංගලන්තයේ පදිංචිකාරිණියක් බවයි අනාවරණ වී ඇත්තේ. ඇය ෆෙස්බුක් සමාජ මාධ්‍ය හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු හඳුනාගෙන ඇති අතර පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඔහු හමුවීම සදහායි මෙම තරුණිය දිවයිනට පැමිණ ඇත්තේ. ඇය අද නැවත එංගලන්තය බලා පිටත්වයාමට නියමිතව තිබුණු බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

තව කියවන්​න

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. ඒ හේතුවෙන් තැපැල්පති එස්.ආර්.ඩබ්ලියු.එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කළේ වංචාකරුවන්ට හසු නොවන ලෙසයි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබා ගන්නා වංචනික ක්‍රියාවක් අනාවරණය වී තිබෙනවා. ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපිනය ද වංචනිකව අවභාවිත කර ඇති බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

තව කියවන්​න

නැගෙනහිර ආසියාවේ ඛනිජ තෙල් වෙළෙදාම ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසන් මෙරට රජයට දැනුම් දී තිබෙනවා . ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීයි එම රජය විසින් අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ . මේ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට අනතුරුව ඒවා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් සදහා අලෙවි කිරීමට නියමිත වනවා . එමෙන්ම කෘෂිකර්මන්තයට නවීන තාක්ෂණය හදුන්වාදීමේ ව්‍යාපෘතියක් මෙන්ම ශ්‍රී ලංකාවට එරටින් සිදු කරන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද මෙහිදී එකඟතාවය පළ කර තිබෙනවා .

තව කියවන්​න

පාස්කු ඉරුදින දින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පිළිබඳව විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා . ඒ අනුව අදාළ විවාදය ලබන 21 වන දා සහ 22 දා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ . එම යෝජනාව විපක්ෂය විසින් ගෙන එනු ලැබුවා .

තව කියවන්​න

කහ උණ සඳහා ප්‍රතිශක්තිකරණය ලබාදීමේ එන්නත් 1500 ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ යුනිසෙෆ් සංවිධානයේ මැදිහත්වීම මත මෙම එන්නත් ආනයනය කරන බවයි. ඒ අනුව, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් එම එන්නත් අප්‍රිකානු කලාපයේ සංචාරය කරන පුද්ගලයින්ට ලබාදීමට පියවර ගැනෙනු ඇති. කහ උණ ප්‍රතිශක්තිකරණ එන්නත් මේ වන විට මෙරට හිගව පවතින අතර, ඊට හේතුවී ඇත්තේ එම එන්නත් ආනයනට භාරගත් සැපයුම්කරු නිසිපරිදි එන්නත් සැපයීමට අසමත්වීම බවයි වාර්තා වන්නේ. යුනිසෙෆ් මැදිහත්වීම මත එන්නත් 6000ක් මෙරටට ආනයනයට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

තව කියවන්​න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 14ක ජනතාව තවදුරටත් පීඩාවට පත්ව තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පවුල් 1,752ක පුද්ගලයින් 4,334 දෙනෙකු බලපෑමට ලක්වී ඇති බවයි. මේ අතර කළුතර, රත්නපුර, ගාල්ල මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 5 ට නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකවනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ අද දිනය තුළද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේදී මිලිමීටර 75 ට වැඩි වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා…

තව කියවන්​න

මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙය වසර 120 කින් පසු උතුරු අප්‍රිකා කලාපයෙන් වාර්තා වූ ප්‍රබලම භූ කම්පනය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මොරොක්කෝ රාජ්‍යයට රික්ටර් මාපකයේ ඒකක 6.8ක ප්‍රබලත්වයකින් යුතු භු කම්පනයකින් බලපෑම් එල්ල වුණා. එහි අපකේන්ද්‍රය සටහන් වී තිබුණේ එරට මරකේෂ් නගරයට කිලෝමීටර 71ක් නිරිත දිගින් පිහිටි හයි ඇට්ලස් කඳු වැටියේ කිලෝමීටර 18.5ක ගැඹුරකිනි. ඉන් වැඩි හානියක් සිදුව ඇත්තේ එරට සිව්වන විශාලතම නගරය මෙන්ම යුනෙස්කෝ ලෝක උරුම අතරට අයත් ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ඇති මරකේෂ් නගරයටයි.

තව කියවන්​න

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් ගොඩනැගුවා. අනතුරුව පැතුම් නිස්සංක සමගින් එක් වූ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ලකුණු 74ක සබඳතාවයක් ගොඩනැගූ අතර පැතුම් නිස්සංක ලකුණු 40ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් රැස්කළා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 93ක් ඒ…

තව කියවන්​න

පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ දිනයේ සිදු කෙරුණා . ජනාධිපතිවරයා වෙත මෙලෙස පළමු පොපි මල පළඳවනු ලැබුවේ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසිනුයි . ලෝක සංග්‍රාමවලදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රි ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිත පූජාකළ රණවිරුවන් අනුස්මරණය කරමින් වාර්ෂිකව පොපි මල් දිනය සංවිධාන කරනු ලබනවා . එයින් ලැබෙන ආදායම යුද්ධයෙන් මියගිය විරුවන්ගේ පවුල්වල සහ ආබාධිත විරුවන්ගේ සුබසාධනය සඳහායි යොදවනු ලබන්නේ .

තව කියවන්​න