Author: Anura Premakumara
ආනයනික අර්තාපල් සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද තවත් මාස 04ක් සදහා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට ඉදිරි මාස 04ක කාලය සදහා එම විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වනු ඇති. ආනයනික ආර්ථාපල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 50ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්දක් පැනවීමට රජය පසුගිය වසරේ මාර්තු මාසයේදී කටයුතු කර තිබුණා. මාස 06ක කාලයක් සදහා එම බදු පැනවීම සිදුකර තිබු අතර එය තවත් මාස 04ක් සදහා දීර්ග කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කළා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කිරීමට නියමිතයි.
විනිවිධභාවයෙන් යුතු පරීක්ෂණයක් මගින් පාස්කු ප්‍රහාරයේ සත්‍ය රටට හෙළි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ මාතරදී මාධ්‍යට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර විදේශවලින් මුදල් ලබා ගත් පාර්ශව රටතුළ අරගල ඇති කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ රටේ සංස්කෘතිය විනාශ කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කළ බවයි.
සම්භාහන ආයතන වල ගුණාත්මක භාවය ඉහල නැංවීම සඳහා එම සෑම ආයතනයකටම ආයුර්වේද වෛද්‍යවරයකු පත් කල යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. අමාත්‍යවරිය සඳහන් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල සම්භාහන ආයතන 625ක් පමණ ඇති බවයි. රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් සාකච්ඡාවේදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුනු 123ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට ඔස්ටේ්‍රලියාව සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් තුළ ලකුණු 392ක් රැස් කළා. ඩේවිඩ් වෝනර් ලකුණු 106යි. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 41 යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 269ක් පමණයි.
ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු ඉදිරිපත් කිරීමට තොරතුරු කේන්ද්‍රයක් හදුන්වාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි වැඩබලන ව්‍යාපාර කළමනාකාර එරන්ද දිල්හාන් මහතා සඳහන් කළේ 1958 අංකය ඇමතීමෙන් ජනතා ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි. මේ අතර සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ද, ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති බව එරන්ද දිල්හාන් මහතා සඳහන් කළා.
2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ නැමීබියාව සමග පැවැති තරගයෙන් ඉතාලිය විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුණා. තරගය ආරම්භයේ සිටම ඉතාලි ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටියා. ඒ අනුව ඔවුන් එම අර්ධයේදී ලකුණු 17ක් රැස් කළ අතර ප්‍රතිවාදී නැමීබියාවට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 8ක් පමණයි. දෙවැනි අර්ධයේදී ඉතාලිය හමුවේ නැමීබියාව දැඩි පසුබෑමකට ලක් වුණා. ඉතාලිය එම අර්ධයේදී තවත් ලකුණු 35ක් රැස් කළ අතර, නැමීබියාවට කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වුණේ නැහැ.
සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එහි සභාපති චාලක ගජබාහු මහතා සඳහන් කළේ ඉන්දියානු සිනමාව මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චාලක ගජබාහු මහතා එම අදහස් පළ කළා.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය කඩුලු 07කින් ජය ගනන්නට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 30 යි පන්දු දෙකක් තුළ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 106ක් පමණයි. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18 ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 107ක් ලබා තරගය ජයග්‍රහණය කළා.
රත්මලාන දුම්රියපොළ ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තාවන්නේ.
මෙරට ආරක්ෂක අමාත්‍යංශය චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කතෝලික සභාව පවසනවා . අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිශාන්ත මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය සහ විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභා වාර්තාව අතර පරස්පරතා පවතින බවද ජුඩ් ක්‍රිෂාන්ත පියතුමන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222