පුද්ගලයින් රවටා ඔවුන්ගේ  ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 22 හැවිරිදි කොටිකාපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල  ATM  යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා කාඩ්පතෙහි රහස් අංකය ලබාගන්නා අතර පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග මාරු කර එම සොරකම සිදුකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුණෑගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

WhatsApp Group

Skip to content