කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට බෙ#ද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අදාළ පැමිණිල්ල කර ඇති බව සඳහන්.

කෘතිම බුද්ධි තාක්ෂණය ( AI) යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මගින් කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබී තිබෙනවා.

මේ අතර කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති පුද්ගලයින් කවුරුන්දැයි සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බවයි බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කලේ .

WhatsApp Group

Skip to content