ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන Asia Cooperation Dialogue (ACD) සමුළුවෙහි 19 වැනි අමාත්යවරුන්ගේ රැස්වීමට විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා සහභාගී වී සිටී.
මෙවර සමුළුවෙහි තේමාව වන්නේ, “පොදු ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා තුළින් කලාපීය එකමුතුව මෙන්ම ආර්ථික, තාක්ෂණික සහ තිරසාර සංවර්ධන ක්ෂේත්රයන්හි සහයෝගීතාවයේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරීම” යන්නයි.
සාමය, ආරක්ෂාව සහ සහයෝගීතාවය හා අන්යෝන්ය ගෞරවය තුළින් එක්සත් ආසියානු ප්රජාවක් පෝෂණය කිරීම සඳහා ශ්රී ලංකාව කැපවී සිටින අතර ඒ සඳහා මෙම ජාත්යන්තර වැඩසටහන සුවිශේෂ වේ.

WhatsApp Group

Skip to content