2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් නියමිත දිනය පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

ලබන මස 10 වනදා දක්වා මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීම සිදු කල හැකියි.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අයදුම්පත්‍ර යොමු කළ යුතුයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්, ජංගම දුරකථන යෙදවුමෙන් මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ හැකි අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දෙපාර්තමේන්තුවේ 1911 ඍජු දුරකථන අංකයෙන් හෝ පොදු දුරකථන අංක හරහා ලබාගත හැකි බවයි.

 

WhatsApp Group

Skip to content