ඒ.එච්.එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දින දිවුරුම් දෙනු ලැබුවා.

අද පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ෆවුසි මහතා දිවුරුම් දීම සිදු කළේ.

සමගි ජනබලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ ඒ.එච්.එම්.ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.

පසු ගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 6ක් හිමි වූ ඒ.එච්.එස්.ෆවුසි මහතාට මනාප ලැබී තිබුණේ 48 701 ක් පමණයි.

ඒ අනුව ඔහු මනාප ලැයිස්තුවේ 7 වන ස්ථානයට පත් වුණා.

කොළඹ හිටපු නගරාධිපතිවරයෙකු ද වන ඒ.එච්.එම්.ෆවුසි 85 වන වියේ පසුවනවා.

https://www.vnews.lk/storage/2023/02/DIURUMA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content