ගංවතුර ඛේදවාචකය සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය බලවත් ශෝකය ප්රකාශ කර තිබෙනවා.
ශ්රී ලංකා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමිනුයි රුසියා ජනාධිපතිවරයා මෙම ශෝක ප්රකාශය සිදුකර තිබෙන්නේ.
රුසියා ජනාධිපති ව්ලැඩිම්ර් පුටින් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවු ලිපියෙහි මෙලෙස සඳහන් වනවා.
මිනිස් ජීවිත හානි සහ පුළුල් ලෙස සිදු වූ හානි පිළිබඳව ජනාධිපති පුටින් ශෝකය පළකරමින්, මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී රුසියාව ශ්රී ලංකාව සමඟ සිටින බව සඳහන් කර තිබෙනවා.
මියගිය අයගේ පවුල්වලට සහ ආදරණීයයන්ට සිය ශෝකය සහ සහයෝගය ලබාදෙන ලෙසත්, තුවාල ලැබූ සියලුදෙනාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන ලෙසත් රුසියානු ජනාධිපතිවරයා, ජනාධිපති දිසානායක මහතාගෙන් ඉල්ලා තිබෙනවා.











