ඉදිරි පැය 24 තුළ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
එමෙන්ම සෙසු ප්‍රදේශවලත් වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ ,













