9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.

අද උදෑසන 9.45 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වූ අතර එහිදි පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, අනතුරුව කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම ද සිදු වුණා.

නව සභාවාරයේ ආරම්භය ඉතාමත් චාම් අයුරින් සංවිධානය කරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණේ.

ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි කිසිවක් අද දින නොපැවැත්වීමටයි තීරණය කර තිබුණේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙල අසලදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටුකොටගත් කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය ජනාධිපතිවරයාව පාර්ලිමේන්තු සභාගර්භය වෙත කැඳවාගෙන එනු ලැබුවා.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටවු අභියසදී පාසල් දැරියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද එක්කිරීම ද සිදු වුණා

ඉන් අනතුරුව පැළදුම් කාමරයට පැමිණි ජනාධිපතිවරයා උදෑසන 10.25 පමණ වනතෙක් එහි රැඳී සිට ඉන් අනතුරුවයි ඔවුන් සභාගර්භයට පිවිසෙන්නේ.

ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරණ අතර එම අවස්ථාවේදී කතානායකවරයා පාර්ලිමේන්තු කාරකසභා ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදු වුණා.

ඉන් අනරතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා.

අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ මැතිඇමතිවරුන් සියලු දෙනාම සභාවෙන් පිටව ගිය බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.

කෙසේ වෙතත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ රාජිත සේනාරත්න මහතා සිය පක්ෂයේ සාමාජිකයන් සමග සභාවෙන් පිට නොගොස් එහි රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

මේ අතර විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතු`ඵ උත්තර ලංකා සභාගයේ සාමාජිකයින් පිරිසද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී සභාගර්භයේ රැඳී සිට නැහැ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සභාගර්භයේ රැදී නොසිටි බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පමණක් අද දින පැවැත්වෙන ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සවන් දීමට සභාගර්භයේ රැඳී සිටියා. ඒ, එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විදෙස්ගතව සිටි පසුබිමකයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මුල් අසුන් දරණ කැබිනට් මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු මහතා සහ මනූෂ නානායක්කාර මහත්වරුන් ද අද දින පාර්ලිමේන්තු සභාගර්භයේ නොසිටි බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

මේ අනුව 9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙරට තුළ ක්‍රම වෙනසක් සිදු කළ යුතු බවටයි.

https://www.vnews.lk/storage/2024/02/RANIL-01.mp3?_=1

එමෙන්ම ඉදිරියේදී ඩිජිටල් ආර්ථිකයක් සහ හරිත ආර්ථිකයක් ගොඩනගන බවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියා සිටියා.

https://www.vnews.lk/storage/2024/02/RANIL-02.mp3?_=2

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

https://www.vnews.lk/storage/2024/02/RANIL-03.mp3?_=3

මේ අතර ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.

WhatsApp Group

Skip to content