ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 8,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර ළමුන් 3,195 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම පලස්තීනයේ තවත් ළමුන් 1,000ක් පමණ අතුරුදන්ව ඇති අතර, ඔවුන් සුන්බුන් අතර වැළලී ඇති බවට උපකල්පනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ ළමුන් සංඛ්‍යාව 2019 සිය වාර්ෂිකව ලොව පුරා ගැටුම්වලින් ජීවිතක්ෂයට පත් වූ මුළු ළමුන් සංඛ්‍යාවට වඩා වැඩි බව රාජ්‍ය නොවන සංවිධානයක් වන සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටක් සදහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content