හැත්තෑ අටවන ඉන්දීය නිදහස් දිනයට සමගාමීව සංවිධානය කළ සැමරුම් උත්සවයක්, මහනුවර සහකාර ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේදි  (15) පැවැත්විණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගම‍‍ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙම උත්සවයේදී ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මු විසින් ඉදිරිපත් නිදහස් දින පණිවිඩය මහනුවර, ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මහත්මිය ඉදිරිපත් කිරිම සිදු කළාය.මෙම උත්සවයයට සමගමීව ඉන්දීය සංස්කෘතික අංග කිහිපයක් ද ඉදිරිපත් කෙරිණි..

මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව,මහනුවර හිටපු පුරපති කේසර ඩී. සේනානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්  අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්‍නකෝන් යන මහත්වරුන් ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

WhatsApp Group

Skip to content