77 වන ලෝක සෞඛ්‍ය සභාව (Seventy-Seventh World Health Assembly) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ.

මැයි 27 සිට ජූනි 1 දක්වා පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සහභාගි විය.

ලෝක සෞඛ්‍ය සභාව සඳහා සහභාගි වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමුළුවේ දී අදහස් දක්වමින් මෙරට ආඝාත රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වන බවත්, ඒ අතරම, මාර්ග අනතුරුවලින් අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ රෝගීන් විශාල ප්‍රමාණයක් ද හමුවන බව පෙන්වා දෙන ලදි. එහිදී පුනරුත්ථාපන අංශය දිගුකාලීනව ඉතා වැදගත් දෙයක් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

WhatsApp Group

Skip to content