76 වන ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී තිබෙනවා .

ඒ වෙනුවෙන් වී එෆ් .එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන්

https://www.vnews.lk/storage/2024/02/NIDAHAS-FEATURE-MIX.wav?_=1

මෙවර  ජාතික නිදහස් දිනය ” හදමු අලුත් රටක් “ යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවැත්වෙනවා .

 

ඒ අනුව ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලු මුවදොර පිටියේදි පැවැත්වීමට නියමිතයි .

මෙවර නිදහස් සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගි වනු ඇති .

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිදහස් දින පණිවිඩයක් නිවේදනය කර තිබෙනවා .

එමගින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ යළිත් සෞභාග්‍යයමත් දේශයක් නිර්මාණය කර ගැනීමට සෑම දෙනෙකුම  මෙම නිදහස් දිනයේ අධිෂ්ඨාන කර ගත යුතු බවයි .

එමෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙවර නිදහස් දිනය වෙනුවෙන් සිය සුහ පැතුම් එක් කර තිබෙනවා .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නිදහස් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා .එහි සදහන්ව ඇත්තේ මිනිස් නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කල යුතු බව ආණ්ඩුවට අවධාරණය කරන බවයි .

 

WhatsApp Group

Skip to content